ජනාධිපති රට පුරා හදිසි නීතිය ප්‍රකාශයට පත් කරයි

අද සිට ක්‍රියාත්මක වන පරිදි රටපුරා හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
ඒ සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනය මේ වනවිට ප්‍රකාශයට පත් කොට තිබේ.
මෙලෙස හදිසි නීතිය පැන වූ විට ඒ යටතේ රැස්වීම් උද්ඝෝෂණ සහ වැඩ වර්ජන ආදිය තහනම් කිරීමට රජයට හැකියාව ලැබෙයි.
එමෙන් ම විධිමත් ලෙස ඇඳිරි නීතිය පනවා ක්‍රියාත්මක කිරීමට ද ඒ අනුව හැකියාව ලැබෙයි.
මෙම හදිසි නීතිය ක්‍රියාත්මක කළ පසු පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත යුතු ය.
