මිරිහානේ සිදුවීමෙන් ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් වුණා – එන සතියේ පාර්ලිමේන්තුවෙන් විසඳුමක දිය යුතුයි – එජාප නායක රනිල් වික්‍රමසිංහ

මිරිහානේ ඊයේ සිදු වූ උද්ඝෝෂනයත් සමග මෙතෙක් පැවති ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත් වූ බවත්, එයට ඉක්මන් විසඳුමක් අවශ්‍ය බවත්, එන සතියේ පාර්ලිමේන්තුව රැස් වූ විට එම කාර්යය ඉටු කළ යුතු බවත්, එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
මිරිහානේ සිදුවීම ත්‍රස්තවාදී හෝ ජාතිවාදී හෝ ක්‍රියාවක් නොවන බවත්, එයට ත්‍රස්තවාදී , ජාතිවාදී ලේබල් ආලවීමෙන් ප්රශ්නය තවත් උත්සන්න විය හැකි බවත් ඒ මහතා කියයි.
ජුබිලි කණුවේ තිබු උද්ඝෝෂණ සියල්ල සාමකාමී වුවත්, පැගිරිවත්තේ දී එය ප්රචණ්ඩ වීම කණගාටුවට කරුණක් බව කී ඒ මහතා මහජනයා ස්වේච්චාවෙන් කරන උද්ඝෝෂණවලට දේශපාලන පක්ෂ සහභාගී නොවිය යුතු බවත්, දේශපාලන පක්ෂවලට වෙන ම උද්ඝෝෂණ කිරීමට අයිතිය ඇති බවත් වැඩිදුරටත් පැවසීය.
ඊයේ පැගිරිවත්තේ සිදුවීම ගැන විශේෂ ප්‍රකාශයක් කරමින් එජාප නායකයා මෙම අදහස් ප්‍රකාශ කළේය..
