අද කොවිඩ් මරණ 2 යි ; නව ආසාදිතයින් 150 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිවේදන අනුව අද දිනය තුළ තවත් කොවිඩ් මරණ 2 ක් තහවුරු කොට ඇති අතර අලුතින් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 150 කි.

ඊයේ දිනයේ වාර්තා වී තිබු කොවිඩ් මරණ සංඛ්‍යාව 4 ක් වූ අතර හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 178 ක් ව තිබිණි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,479 ක් ලෙස සටහන් වී ඇත.

මෙරටින් හමු වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වී තිබෙන්නේ 661,781 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *