බාරකාර ආණ්ඩුවක් නැත්නම් ආණ්ඩුවෙන් යනවා – ශ්‍රීලනිපය කියයි

රටේ පවතින අර්බුදකාරී තත්ත්වයට මුහුණ දීම සඳහා වහා ම බාර කර ආණ්ඩුවක් පත්කරන ලෙසත්, එසේ නොකරන්නේ නම් තම පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කරන බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියයි.
ආණ්ඩුව පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සමග සාකච්ඡා කොට බාරකාර ආණ්ඩුව පිහිටුවීමට කටයුතු කළ යුතු බව එම පක්ෂය ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වී මෙම තීරණය ගෙන තිබේ.
ආණ්ඩුවේ සෙසු පක්ෂ 10 ද අද දහවල් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඉල්ලා සිටියේ වහා ම අන්තර්වාර පාලනයක් පත් කළ යුතු බව යි.
