|

“මම අවුරුදු ගණනක් තිස්සේ හදාගත් දේ මුන් දෙන්නා අවුරුදු දෙකෙන් කෑවා” ! – අගමැති මහින්ද රාජපක්ෂ

මම අවුරුදු ගානක් තිස්සේ හදාගත් දේ මුන් දෙන්නා අවුරුදු දෙකෙන් කෑවා යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බව සමාජ මාධ්‍ය වාර්තාවක් මගින් කියයි.

එහි සඳහන් වන ආකාරයට අගමැතිතුමා මෙම ප්‍රකාශය සිදුකොට ඇත්තේ ඒ මහතා ජනාධිපති සමයේ ප්‍රබල චරිතයක්ව සිටි ආයතන සභාපතිවරයකු වන ප්‍රියත් බන්ඳු වික්‍රම මහතා සමග ය.  වත්මන් අර්බුදය විසඳීමට මැදිහත්වන්නැයි ඉල්ලීමට තමා හමුවීමට පැමිණ වික්‍රම මහතාට අගමැතිතුමා මේ කතාව කියා ඇත්තේ මේ මොහොතේ කිසිවක් කිරීමට නොහැකි බව පවසමිනි.

කෙසේ වෙතත්, “මුන් දෙන්නා” කවුදැයි අගමැතිතුමා ප්‍රකාශ කළ බවක් දැනගන්නට නැත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *