පුතාගේ වෛද්‍ය ප්‍රතිකාරවලට මුදල් නැතිව උප ජනාධිපති ගේ විකුණන්න හදලා !
තම පුතාගේ පිලිකා රෝගයට ප්‍රතිකාර කිරීමට මුදල් සොයාගත නොහැකිව ඇමෙරිකානු උප ජනාධිපති ජෝ බයිඩන් තම නිවාසය විකිණීමට තීරණය කල බවත් , ජනාධිපති ඔබාමා එය වලකා තම පෞද්ගලික මුදලින් ඔහුට උපකාර කල බවත් , රෝයිටර් පුවත් සේවය වාර්තා කොට ඇත . ඇමෙරිකානු උප ජනාධිපතිවරයා සී එන් එන් රුපවාහිනිය සමග සාකච්චාවකදී මෙම තොරතුරු හෙළිකොට ඇත .
ඇමරිකානු උප ජනාධිපති ජෝ බයිඩන් ගේ පුත් බියු බයිඩන් සේවය කළේ ඩෙලවෙයාර් ජනපදයේ නීතිපති වරයා වශයෙනි . පිලිකා රෝගයෙන් සෞඛ්‍ය තත්වය දුර්වල වීම නිසා ඔහුට තනතුරෙන් ඉවත්වීමට සිදුවිය . ඒ වනවිට ඔහු සතුව කිසිදු මුදලක් නොවූ බවත් , ඔහුගේ වියදම් දැරීමට තමා හා බිරිද ඉදිරිපත්වූ බවත් , උප ජනාධිපතිවරයා කියයි .එසේ වුවද ඔවුන් සතුවද මුදල් නොවූ නිසා තම නිවස විකිණීමට ඔවුහු තීරණය කළහ . එම තීරණය වලකා ඔවුන්ට උපකාර කිරීමට ජනාධිපති ඔබාමා ඉදිරිපත් වී ඇත්තේ එම අවස්ථාවේදීය .
“බයිඩන් නිවස විකුණන එපා .මට පොරොන්දු වෙන්න නිවස විකුණන්නේ නැහැ කියලා .මම ඔබට අවශ්‍ය මුදල් දෙන්නම් .” යයි ඔබාමා පැවසු බව බයිඩන් ප්‍රකාශ කොට ඇත .
පිලිකා රෝගයට එලෙස ප්‍රතිකාර ලබා දුන්නද බියු බයිඩන් පසුගිය මැයි මාසයේදී මිය ගියේය .
ඇමරිකානු ජනාධිපතිකම ලොව බලවත්ම තනතුර ලෙස සැලකෙයි . උප ජනාධිපති යනු ඔහුගේ දෙවැනියාය .
එම රටවල් දියුණු වීමටත් අපේ රටවල් එසේ නොවීමටත් ප්‍රධාන හේතුවක් මෙම සිදුවීමෙන් ද හෙළිදරවු වෙයි .
