දැන් වැඩි වැටුප් ඉල්ලන්නේ ආර්ථිකය ගොඩ ගිය බව වෘත්තීය සමිති දන්නා නිසා – රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම
දැන් වැඩි වැටුප් ඉල්ලා වෘත්තීය සමිති වැඩ වර්ජන කරන්නේ රටේ ආර්ථිකය යහපත් අතට හැරී ඇති බව ඔවුන් ද පිළිගන්නා නිසා බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරයි.
මීට වසර දෙකකට පෙර කිසිවකු වැඩි වැටුප් ඉල්ලුවේ නැති බවත් එදා ඉල්ලුවේ විදුලිය, ඉන්ධන, ගෑස් වැනි දේ බවත්, කී ඒ මහතා වැඩි දුරටත් කීවේ දැන් ආර්ථිකය තරමක් යහපත් වී ඇති නිසාත්, මැතිවරණයක් ඉදිරියේ ඇති නිසාත්, සත්තමක් දමා වැටුප් වැඩි කර ගැනීමට හැකියාව ඇතැයි ඔවුන් කල්පනා කරන බව යි.
කෙලින් ප්‍රකාශ නොකළ ද ආර්ථිකය යහපත් වී ඇති බව ඔවුන්ගේ ද පිළිගැනීම බව රාජ්‍ය ඇමතිවරයා පෙන්වා දුන්නේ ය.
මධ්‍යම පළාත් සභාවේ රැකියා ලාභීන්ට ස්ථිර පත්වීම් පිරිනැමීමේ අවස්ථාවට එක් වෙමින් රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැකියා ප්‍රධානය සිදුකරනු ලැබීය.
