|

සජබයට ඉතුරු වන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා විතරයි !

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දැරීම නිසා සමගි ජන බලවේගයේ සාමාජිකත්වය අහිමි වන බැවින් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් අතරින් පක්ෂයට ඉතිරි වන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පමණක් බව එම පක්ෂයේ උප සභාපති සහ අපේ ජාතික පෙරමුණේ හිටපු සභාපති සේනක ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

සජබ සාමාජිකත්වය ලබා ගන්නා විට එජාපයෙන් ඉල්ලා අස් වුයේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පමණකි.

සජබ නායක සජිත් ප්‍රේමදාස , මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර ඇතුළු අන් සියලු දෙනා තවමත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් බව සේනක ද සිල්වා මහතා කියයි.

සේනක ද සිල්වා මහතා කියන්නේ ඒ සියලු දෙනාගේ සජබ සාමාජිකත්වය අහෝසි වන බව යි.

ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව සේනක ද සිල්වා මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

ඒ මහතා ඊයේ පැවත් වූ මාධ්‍ය හමුවේ දී මෙම තොරතුරු හෙළිදරව් කළේ ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *