| |

ජනපතිගේ ආරාධනයෙන් දයාසිරි , වලේබොඩ ජාතික ආරක්ෂක මණ්ඩලයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 7 දා පැවති ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර සහ ගාමිණී වලේබොඩ මහත්වරුන් සහභාගී වූ බව වාර්තා වෙයි.

ජනාධිපතිතුමාගේ ආරාධනයක් අනුව එම දෙද්දෙනා මෙම රැස්වීමට සහභාගී වී තිබේ.

ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමික පිරිස් රුසියානු – යුක්රේන යුද්ධයට යැවීමේ ජාවාරම පිළිබඳව මෙම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී කරුණු හෙළිකර තිබු අතර ඔවුන් සතු තොරතුරු ජාතික ආරක්ෂක මණ්ඩලයට ලබා දෙන්නයි ජනාධිපතිතුමා ඔවුන්ට ආරාධනා කොට තිබේ.

ඒ අනුව ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගී වූ මන්ත්‍රීවරුන් තමන් සතු තොරතුරු ලබා දී තිබේ.

බත්තරමුල්ල අකුරේගොඩ පිහිටි ආරක්ෂක හමුදා මුලස්ථානයේ දී මෙම රැස්වීම පැවැත්විණි.

මෙලෙස විපක්ෂ මන්ත්‍රීවරුන් ජාතික ආරක්ෂක මණ්ඩලයට සහභාගී කරවා ගැනීම විරල සිදුවීමකි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *