ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී වෙන්ඩ ජනාධිපති අපේක්ෂක ගොන්නට තවත් අපේක්ෂකයෝ දෙන්නෙක් නිල වශයෙන් එකතුවුනා.ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ අධිකරණය ඇමති විජේදාස රාජපක්ෂ ඊයේ (25) නිල වශයෙන් ජනාධිපතිවරණ සටනට එනවා කියලා එනවුන්ස් කළා.මීට ඉස්සෙල්ලා විජේදාස කිව්වේ රනිල් එනවා නම් එයා එන්නේ නෑ කියලයි.
ඒ වගේම සරත් ෆොන්සේකත් ප්‍රසිද්ධියේ නොකිව්වට රනිල් එන්නේ නැත්තං මම එනවා කියලා කියලා තිබුණා,දැන් එතකොට රනිල් එනවා නම් එන්නේ නෑ කියපු දෙන්නෙක් ගේමට බැහැලා. රනිල් එනවා නම් එන්නේ නෑ කියලා ධම්මික පෙරේරත් කිව්වා.ධම්මික තවම ඒ ගැන මොකුත් රටට නොකිව්වට ධම්මික එන්නේ නෑ කියලා රනිල්ට කිව්වා කියලා ආරංචියක් තියනවා.දැන් එතකොට මෙතනදී මෙහෙම ප්‍රශ්නයක් එනවා.
ෆොන්සේකයි,විජේදාසයි ආයෙත් එනවා කියන්නේ රනිල් එන්නේ නෑ කියන එකද?දැනට එහෙම කතාවකුත් යනවා.කතාව යන්නේ රනිල්ගේ family එක පැත්තෙන් තරඟ කරන්න එපා කියලා රනිල්ගෙන් ඉල්ලීමක් කළා කියලයි. ඇමරිකාවේ ජෝ බයිඩන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න එපා කියලා බලපෑම් ආවේ එයාගේ පක්ෂයෙන්.අන්තිමට පක්ෂයේ තීරණයට හිස නමලා ජෝ බයිඩන් අයින්වෙලා කමලා හැරිස්ට අවස්ථාව දුන්නා.
හැබැයි රනිල්ට එහෙම ප්‍රශ්නයක් තියනවා කියලා කියන්න බෑ. රනිල්ගේ ශාරීරික සහ මානසික සෞඛ්‍යය හොඳට තියනවා.රනිල් ඡන්ද සටන අතෑරියොත් අතාරින්නේ රනිල්ට දිනන්න බැරි නම් මිසක රනිල්ට තියන ශාරීරික සහ මානසික ප්‍රශ්නයකට නෙවෙයි. පහුගිය කාලයේ කරපු ජනමත සමීක්ණවලින් තහවුරු උනේ සජිත් සටනේ තවමත් ඉදිරියෙන් ඉන්න බවයි.අනුරගේ ක්රමික අපගමනයක් තියන බව තහවුරු වුනා.
හැබැයි වේගයෙන් වර්ධනය වීම තියෙන්නේ රනිල්ට.රනිල්ට තරඟයෙන් ඉවත් වෙන්න තරම් පැහැදිලි හේතුවක් පේන්න නෑ.රටේ රාළ බලකාය පහුගිය සතියේ කරපු දිස්ත්‍රික් දත්ත විශ්ලේෂණවලින් තහවුරු වෙන්නේ ජනාධිපතිවරණ සටන තවමත් විවෘත එකක් කියලයි.රටේ රාළ කියන්නේ රනිල්ගෙන් සහ සජිත්ගෙන් ජයග්‍රහණය කරන අපේක්ෂකයා බවට පත්වෙන්නේ කවුද කියලා තීරණය වෙන්නේ ඉදිරි සති කීපය ඇතුලේ වඩාත් උපක්‍රමශීලී වෙන්නේ කවුද කියන එක මත.
සජිත්ගේ ජයග්‍රහණය වෙනුවෙන් හදන සන්ධානය ලබන අගෝස්තු 08 හදනවා.ඒ සන්ධානය හැදෙන්න ඉස්සෙල්ලා රනිල් කරන දෙයක් කරන්න ඕනි.වැඩිම උනොත් රනිල්ට time තියෙන්නේ නොමිනේෂන් date එකට ඉස්සෙල්ලයි.රනිල්ට වැඩ කරන්න ප්‍රධාන බලවේග තුනක් මහ පොලොවේ ඉන්නවා.එජාපය ලොකු වැඩක් නොකලත් රනිල්ට එජාපය කියලා එකක් තියනවා. එයාලත් මොකක් හරි කැම්පේන් එකක් කරයි.ඊට අමතරව ප්‍රසන්න රණතුංග නායකත්වය දෙන පොහොට්ටු පාර්ශවය ඉන්නවා.
මේ වෙලාවේ රනිල් වෙනුවෙන් ගොඩක්ම සක්‍රීය වෙලා ඉන්නේ ලන්සා – ශ්‍රිලනිප නව සන්ධානය. තවමත් හකීම්,රිෂාඩ් වගේ අය තමන්ගේ ස්ථාවරයක කියලා නෑ. වතුකරයත් දෙකට බෙදිලා තියෙන්නේ.තොණඩමන් රනිල් එක්ක ඉන්දැද්දී,දිගම්බරම් සජිත් එක්ක ඉන්නවා.ඊට අමතරව වඩිවෙල් සුරේෂ්ලා රනිල් එක්ක ඉන්නවා.දෙමළ සන්ධානය තවමත් අවසන් තීරණයක නෑ.කරුණා, පිල්ලෙයාන් රනිල් එක්ක ඉන්නේ. මාලිමාවත් එක්ක තරඟ කරන ප්‍රධාන අපේක්ෂකයා කවුද කියන එක බේරගන්න වෙන්නේ රනිල් සහ සජිත් අතරින්.
මේ දෙන්නගෙන් ඉදිරියට එන අපේක්ෂකයට තරඟ කරන්න වෙන්නේ දුර්වල වෙලා යමින් තියන මාලිමාවත් එක්ක.ඒකයි රටේ රාළ කියන්නේ අවසන් සටනට වඩා කොලිෆයිඩ් වෙන්න ගහන මැච් එකේ තරඟය වැඩියි.
එතෙන්ට ෆොන්සේකටවත්, විජේදාසටවත් එන්න පුළුවන් වෙයි කියලා හිතන්න බෑ.ගොඩක් වෙලාවට ෆොන්සේගාගේ පැමිණීම සජිත්ට දෙන ෂොට් එකක්.ධම්මික පෙරේරා දාලා රාජපක්ෂලා රනිල්ට කරන්න හදපු හානියම ෆොන්සේකා දැමීමෙන් සජිත්ට වෙනවා.දැන් සජබෙ සභාපති සහ නායකයා දෙන්නම ජනාධිපතිවරණයට තරඟ කරනවා.ඒ ෂොට් එක සජිත් සහ රාජපක්ෂලා එකතුවෙලා ගහපු B Plan එකට ගහපු මරු පහරක්.
රටේ රාළ බළකාය දිස්ත්‍රික්ක කීපයක් සාම්පල් විදිහට අරන් සමීක්ෂණයක් කළා.ඒ සමීක්ෂණය තවදුරටත් ඉස්සරහට යනවා.ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කය ගත්තොත්.සිංහල ඡන්ද වගේම වතුකරයේ දෙමල ජනතාවගේ ඡන්දත් තියනවා.බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර වගේ ආසනයකදී රනිල් උඩින් ඉන්නවා.
ඒකට හේතුව චාමර සහ වඩුවෙල් සුරේස් දෙන්නා එතන ඉන්න හින්දයි.බදුල්ල ආසනයේදීත් රනිල්ට තරගයක් දෙන්න පුලුවන්.අනිත් ආසනවල රනිල් පස්සෙන් හිටියේ. මෙතනදී රටේ රාළ දැක්ක අවාසිය තමයි රනිල්ට වැඩකරන බලවේග බෙදිලා ඉන්න එක.ඒ බෙදීම කැම්පේන් එකට බලපානවා.ඒකෙන් රටේ රාළ කියන්නේ ඔක්කොම කැම්පේන් එකක් කරන්න කියලා නෙවෙයි.ඇත්තටම එකක් කරන්න පුළුවන්නම් හොදයි.ඒත් ඒක කරන්න බෑ.
ඒ වගේ අවස්ථාවක මේ සියලු දෙනා එක්ක වැඩකරන්න පුළුවන් අතරමඟදී බලවේගයක් මේ අතරට ඕනි.මේ සියලු දෙනා ගමේදී සහයෝගයෙන් මෙහෙයවගන්න පුළුවන් නම් රනිල්ට දිනන්න පුළුවන්.ඇත්ත කතා කලොත් ගොඩක් ආසනවල එජාපයට දැවැන්තයෝ නෑ.දිස්ත්‍රික්කයකටම ඉන්නේ එකයි නැත්තං දෙකයි. හැබැයි ආසන මට්ටමෙන් බැලුවොත් පොහොට්ටුවට අසනවල පාර්ලිමේන්තු මන්ත්‍රීලා ඉන්නවා.
ශ්‍රිලනිපයේ මෛත්‍රී කණ්ඩායමටත් එහෙම දැවැන්තයෝ නෑ.ඉන්නවා නං මෛත්‍රී,විජේදාස විතරයි.හැබැයි නිමල් ලන්සලා – ශ්‍රිලනිප නව සන්ධානයටත් ආසන විදිහට හිතුවොත් මන්ත්‍රීලා තිහක් විතර ඉන්නවා.රාජපක්ෂලා මොන තීරණය ගත්තත් රනිල්ට පොහොට්ටු මන්ත්‍රීවරු 75 කට වැඩිය ඉන්නවා.රනිල්ට දිනන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ගොඩවල් ටික හරියට කලමණාකරණය කළොත් විතරයි.
පස්සරදී රනිල් උඩින් ඉන්නේ චාමර සම්පත් සහ වඩුවෙල් සූරේෂ් එතන ඉන්න හින්දයි.බදුල්ල ආසනය රනිල්ට වාසි සහගත වෙන්නේ නිමල් සිරිපාල එතන ඉන්න හින්දයි. රනිල්ට මේ බලවේග තුන හරියට එකතු කරගෙන කැම්පේන් එකක් කරන්න පුළුවන් නම් රනිල් අනිවාර්යයෙන්ම දිනනවා.ඒ කියන්නේ තුන් ගොල්ලොම එකතුවුන පොදු කැමිපේන් එකක් පොළොවේ හදන්න ඕනි.ඒක සම්බන්ධීකරණය කරන්න ස්වාධීන ව්‍යාපාරයක් අතර මැදට එන්න ඕනි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.