එහෙම කළොත් බැසිල් හොඳාආආයි – අනුර සූරියබණ්ඩාර

බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු ගමන දැන් සක්සුදක් සේ පැහැදිලිය .බැසිල්ට පක්ෂව අදහස් දක්වන්නෝ ඔහුගේ පාර්ලිමේන්තු ආගමනය ගැන විවිධ දේ කියති. ඒ කියන කතා අනුව ගෝඨාභයගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමට බැසිල්ගේ ශක්තිය අවශ්‍යය . සියලු අමාත්‍යාංශ මෙහෙයවිය හැකි අමාත්‍යාංශයක් ඔහුට හිමිවනු ඇත .ඒ සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කරන්නටය.ශෂීන්ද්‍ර රාජපක්ෂ පසුගිය දිනවල මාධ්‍යවලට ප්‍රකාශ කර තිබුණේද සියලුම අමාත්‍යාංශ පාලනය කළ හැකි අමාත්‍යාංශයක් බැසිල්ට ලැබිය යුතු බවය .අමාත්‍යාංශ පාලනය කරන්නට ඇමැතිවරු සිටිති . රාජ්‍ය අමාත්‍යවරුද නියෝජ්‍ය අමාත්‍යවරුද සිටිති .ඊට අමතරව අගමැතිද ජනාධිපතිද සිටිති . ඒ සියල්ලන් සිටියදී ඔවුන් පාලනය කරන්නට තවත් සර්වබලධාරියකු අවශ්‍ය වන්නේ මන්දැයි පැහැදිලි නැත .

බැසිල් රාජපක්ෂ විසින් සියලු අමාත්‍යාංශ පාලනය කළ යුගයක් අතීතයේද පැවැති බව බැසිලාගමනයට ආශිර්වාද කරන්නන්ට කෙසේ වෙතත් මෙරට ජනතාවට අමතක විය නොහැකිය . ඒ පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේය . එකල බැසිල් රාජපක්ෂ ආර්ථික කටයුතු අමාත්‍යවරයාය .ලංකාව ආසියාවේ ආශ්චර්යය කරන්නට කියා පැමිණි මහින්ද බැසිල්ට සියලු බලතල දුන් නමුත් ලංකාව ආසියාවේ ආශ්චර්යය කරන්නට හැකිවූයේ නැත . ඒ වෙනුවට ආවේ ලිත් ප්‍රශ්න මල්වානේ ඉඩම් ප්‍රශ්න ආදියය .

ගෝඨාභය පාලනය යටතේද බැසිල් සිටියේ තිරය පිටුපස නොව ආණ්ඩුවේ දේශපාලන කරළිය මධ්‍යයේමය.ගෝඨාභයගේ ආණ්ඩුවේ ආර්ථික පුණර්ජීවනය පිළිබඳ වගකීම පැවරුණේ බැසිල් රාජපක්ෂටය . දරිද්‍රතාව තුරන් කිරීම පැවරුණේද ඔහුටමය . කොවිඩ් වසංගතයෙන් ජනජීවිතය අඩාල නොවීමේ වගකීම පැවරී ඇත්තේද ඔහුටය .

කුඹුරක තිබුණු ගලක් ඉවත් කිරීමට අන්දරේට කළුකුම් මස් සහ හීනැටි සහලේ බත් අවශ්‍යයැයි කී කතාව මෙහිදී සිහිවේ .ආර්ථිකය නැංවීමට , දරිද්‍රතාව තුරන්කරන්නට , කොවිඩ් මඩින්නට බැසිල්ට නොහැකි වූයේ ඇමැතිකම් නොතිබුණු නිසා වන්නට පුළුවන .සෞභාග්‍යයේ දැක්මේ සුක්කානම ඇත්තේ බැසිල් ළඟ විය නොහැකිද ?

කුඹුරක තිබුණු ගලක් ඉවත් කිරීමට අන්දරේට කළුකුම් මස් සහ හීනැටි සහලේ බත් අවශ්‍යයැයි කී කතාව මෙහිදී සිහිවේ .ආර්ථිකය නැංවීමට , දරිද්‍රතාව තුරන්කරන්නට , කොවිඩ් මඩින්නට බැසිල්ට නොහැකි වූයේ ඇමැතිකම් නොතිබුණු නිසා වන්නට පුළුවන .සෞභාග්‍යයේ දැක්මේ සුක්කානම ඇත්තේ බැසිල් ළඟ විය නොහැකිද ? 

ගැසට් පිට ගැසට් ගැසූ නමුත් මේ ආණ්ඩුවට සහල් මිල පාලනය කර ගත නොහැකිව ඇත . මිල පාලනය කරනු තබා සහල් ඇති තැන් සොයා ගන්නට වත් ආණ්ඩුවට හැකියාවක් නැත . ගැසට් කොපමණ ආවත් සහල් අස්ප ගණන්ය  . දැන් ආණ්ඩුවේ තුරුම්පුව සහල් රටින් ගෙන්වීමය . සීනි සම්බන්ධයෙන් ගත් කලද තත්වය එයමය .සීනි බද්ද සත විසිපහට පහළ හෙළුවද සීනි මිල පහළට වැටුණේ නැත . සීනි පාලන මිල ගැසට්ටුවට අත්වූයේද හාල් මිල පාලන ගැසට්ටුවට අත්වූ සන්තෑසියමය .දැන් සීනි මිලපාලන ගැසට්ටුවද හකුලාගෙන තිබේ . සීනි මිල හාල් මිල පාලනය කරන්නේ ආණ්ඩුව නොව ආනයනකරුවන් සහ මෝල් හිමියන්ය  .

ඒ අනුව ගත් කල බැසිල් මහතාට බරපතළ වගකීමක් තිබේ ඔහු මුලින්ම වෙළෙඳ ඇමැති බන්දුල ගේ අමාත්‍යාංශය පාලනය කොට සීනි  ඇතුළු අනෙකුත් භාණ්ඩවල මිල පහත හෙළිය යුතුය . දෙවැනුව කෘෂිකර්ම ඇමැති මහින්දානන්දගේ අමාත්‍යාංශය පාලනය කොට පොහොර සැපයිය යුතුය . සඟවා ඇතැයි මහින්දානන්ද කියන පොහොර සඟවා ඇති තැන් සොයා ගත යුතුය .ඊළඟට මහින්දානන්දට හසු නොවන සහල් තොග සොයා ගැනීමටද බැසිල්ට සිදුවනු ඇත .කොවිඩ් වසංගතයෙන් ජනතාවගේ ජීවිත අඩාල වීම නැවැත්වීමටත් .කමිටු ප්‍රධානී බැසිල්ට නොහැකි වුණු නමුත් ඇමැති බැසිල්ට හැකියාව ලැබෙනු ඇත.ඉන්ධන මිල ගැන සමහරු කීවේ බැසිල් සිටියා නම් එසේ නොවන බවය . දැන් ඉන්ධන මිලත් පහත හෙළනු හැකි වනු ඇත. එවිට , පොහොර ඉල්ලා , ඉන්ධන මිල පහත හෙළන⁣ ලෙස ඉල්ලා , ජීවන මිල පහත හෙළන ලෙස බලකොට රටපුරා පවතින විරෝධතාද නවතිනු ඇත .එසේ වුව හොත් , සීනි මිල පාලන ගැසට්ටුවට කළ සේම , උද්ඝෝෂණ පිකටින් නැවත දන්වන තුරු තහනම් කොට පනවා ඇති ⁣නියෝගයද හැකිලිය හැකි වනු ඇත .

අනුර සූරියබණ්ඩාර

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *