රවී කරුණානායක එජාපයේ මහලේකම් ධුරය ඉල්ලයි .

imagesලබන මාසයේ එජාපයේ සිදුකිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයෙදී උප නායක  කමින් ඉවත්කිරීමට යන රවී කරුණානායක මහතා පක්ෂයේ මහා ලේකම් තනතුර ලබාගැනීමට උත්සහ දරමින් සිටින බව එම පක්ෂයේ තතුදත් ආරංචිමාර්ග ප්‍රකාශ කරයි . රවී කරුණානායක මහතා මෙම ඉල්ලීම පක්ෂ නායක රනිල් වික්‍රම සිංහ මහතාටද ඉදිරිපත් කොට ඇති බව කියති .

මෙවර ව්‍යවස්ථා සංශෝධනයේදී නියෝජ්‍ය නායක , උප නායක ආදී තනතුරු සියල්ල අහෝසි කොට පක්ෂයේ පැරණි ව්‍යවස්ථාව යලි ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇති බව වාර්තා වෙයි . ඒ සමගම සජිත් ප්‍රේමදාස , රවී කරුණානායක , ඇතුළු බොහෝ දෙනකුගේ තනතුරු අහිමි වනු ඇත . පක්ෂ මහලේකම් තනතුරද තරුණයකුට ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතා අදහස් කොට ඇති බවද කියති . එමෙන්ම ජේ ආර් ජයවර්දන මහතාගේ කාලයේදී මෙන් මැති ඇමති තනතුරු නොදරන අයකුට මහා ලේකම් තනතුර ලබාදීමේ අදහසක් ගැනද කතා බහට ලක්වී ඇත .

මුදල් ඇමති තනතුරේ කටයුතු වලදී හිතුවක්කාර ලෙස හැසිරීම නිසා රවී කරුණානායක මහතා නායකත්වයේ උදහසට ලක්වී ඇතත් ඔහු තම අධාරකරුවන් යොදාගෙන නායකත්වයට බලපෑම් කිරීමේ යෙදීසිටින බව පක්ෂයේ ආරංචි මාර්ග කියයි . ජනවාරියේ කිරීමට නියමිතව තිබු ඇමති මාරුව කල් දමාගෙන මුදල් අමතිධුරය තව දුරටත් රැකගැනීමටද ඔහුට හැකිවී තිබේ .

මුදල් ඇමති තනතුරේ සිටියදී කරුණානායක මහතා කබීර් හසීම් ඇමතිවරයා සමග ගැටුමක් ඇතිකරගෙන සිටි අතර මේ වනවිට එය උග්‍ර අතට හැරී ඇති බවද වාර්තා වෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *