ව්‍යවස්ථා යෝජනා විවාදය නැවතත් කල්යයි
එදිනම විවාදයට ගෙන සම්මත කරගැනීමේ අදහසින්, අග්‍රාමාත්‍යවරයා පසු ගිය 9 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව ව්‍යවස්ථාව පිළිබඳ යෝජනාව ජනවාරි 26 වෙනිදා ට කල්දැමූ නමුත්, නැවතත් එය පෙබරවාරි මාසයට කල්ගොස් ඇති බව ජනාධිපති කාර්යාල සමීප ආරංචි මාර්ග වලින් යුක්තියට දැනගන්නට තිබේ.
අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලැබෙන වාර්තාවලට අනුව එකි යෝජනාව සම්මත කිරීමට එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කළ සියලු පක්ෂ කැමැත්ත පලකර ඇතත්, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එකගකර ගැනීමට ජනාධිපතිවරයා අසමත්වීම මේ ප්‍රමාදයට හේතුව බව කියැවේ. ඇමතිකම් ලබාගත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු තුළපවා මේ සම්බන්ධයෙන් එක්මතයක නැතිවීම යෝජනාව සම්මත කිරීම දිනෙන් කල්යෑමට හේතුව බව වාර්තා වන අතර අභයාරාම පාර්ශවයෙන් මේ යෝජනාවට එල්ලවන විවේචන වලට පිළිතුරු නොදි ඒ ඇමතිවරු මගහරින බව ද වැඩිදුරටත් දැනගන්නට තිබේ.
