නව ව්‍යවස්ථාවකට එඩින්බරෝ සරසවියේ සාකච්ඡාව 28වෙනිදා ආරම්භ වේ.

නව ව්‍යවස්ථාව සම්පාදනයට කිරීමට උපදෙස් ලබාගැනීම පිණිස ඉහළ පෙළේ විශේෂඥයන්ගේ හමුවක් සුදානම් කර ඇති බව මීට පෙර යුක්තිය කල  වාර්තා සනාථ කරමින් නව ව්‍යවස්ථාවට උපදෙස් ලබාගැනීම සඳහා රජයේ හා වෙනත් පක්ෂවල  ධූත පිරිසක් ජනවාරි 28වෙනිදා ස්කොට්ලන්තය බලා පිටත්වීමට නියමිත ය. රවුෆ් හකීම්, සුමන්තිරන්, මනෝ ගනේෂන්, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, කරුණාරත්න පරණවිතාන සහ ජනාධිපතිවරයාගේ නියෝජතයා ලෙස පේෂල ජයරත්න මහතා මේ සංචාරයට එක්වන බව දැනගන්නට තිබේ. එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ දී පැවැත්වෙන මේ සාකච්ඡාව සඳහා ව්‍යවස්ථා සම්බන්ධ අගමැතිවරයාගේ උපදේශකයෙකු වන මහචාර්ය සූරී රත්නපාල ද සහභාගි වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේදී රටේ ඒකීය භාවය රැකගනිමින් බලය බෙදන ක්‍රමවේද අධ්‍යයනය  කිරීම හා එකගතා  ඇතිකර ගැනීම මෙම විශේස සාකච්චාවේ අරමුණ බව කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *