බැසිල් නැතිව පැහෙන්න ගිහින් සාගර කාරියවසම්  අමාරුවේ !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිල නොවන නායකයා ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා දිවයිනේ  නොමැති කාලයේ ආණ්ඩුව තුළ තම විරුද්ධවාදීන් වන විමල් වීරවංශ පිලේ  ප්‍රබලයෙක්  වන  උදය  ගම්මන්පිල මහතාට එරෙහිව නැගී සිටින්නට උත්සාහ කළ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතාට  රජයේ ඉහළ බලවතුන්ගේ  විරෝධය හේතුවෙන් නිහඬ වන්නට සිදු ඇති බව වාර්තා වේ

ඉන්ධන මිල වැඩි කිරීම නිසා උදය ගම්මන්පිල මහතා ඇමති තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බව සාගර කාරියවසම්  මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටීමෙන් පසු ජනාධිපතිවරයා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා  උදය ගම්මන්පිල මහතාගේ සහයට පැමිණීමෙන් පසු මෙම තත්ත්වය උද්ගතව තිබේ. සාගර කාරියවසම් මහතාගේ නිවේදනයට පිළිතුරු දෙන්නට උදය  ගම්මන්පිල මහතා පැවත් වූ   මාධ්‍ය  සාකච්ඡාවට පිළිතුරු දීමට සාගර කාරියවසම් මහතා  අද උදේ  පුවත් පත් සාකච්ඡාවක් කැඳවා තිබූ  අතර ඉහළ බලපෑම් නිසා අවසන් මොහොතේ එය අවලංගු වීම කිරීමට  සිදු වූ බව දැනගන්නට ඇත

මේ වෙනවිට සාගර කාරියවසම් මහතා  තමන්ගේ දුරකථනය විසන්ධි කොට නිහඩව සිටින බවද මාධ්‍යයට අදහස් ජනමාධ්යය  ප්‍රකාශ නොකරන බව ද දැනගන්නට ඇත.

විමල් වීරවංශ කණ්ඩායමේ ප්‍රධාන  විරුද්ධ කණ්ඩායම වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන එහි  නිල නොවන නායක බැසිල් රාජපක්ෂ මහතා මේ දිනවල ඇමරිකාවේ ගොස් සිටින්නේ  වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට බව  කියති.  ඒ මහතා පැමිණෙන දිනයක් තවමත් දැනගන්නට නැත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *