මන්ත්‍රී සැප වාහන ගනුදෙනුව අවලංගු කළ බවට දෙවනුව කී කතාවත් බොරු ; කල් ගැනීමක් පමණයි

මන්ත්‍රීවරුන්ට සැප වාහන ගෙන්වීමට ඇතිකර ගත ගිවිසුම මුදල් අමාත්‍යාංශය මැදිහත් වී ජපන් සැපයුම්කරු සමග කළ සාකච්ඡා මගින් අවලංගු කර ගත හැකි වී ඇතැයි ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළ ද එවැන්නක් සිදු වී නැති බවත්, සිදු වී තිබෙන්නේ වාහන සැපයීම සඳහා කල් ලබා දීමක් පමණක් බවත්, තතු දත් ආරංචි මාර්ග කියයි.
ඒ අනුව එම මුදල් ගෙවීම සඳහා ලංකා බැංකුව නිකුත් කළ ණයකර ලිපි අවලංගු කිරීමක් මෙතෙක් සිදු වී නැත. එවැනි කරුණක් සඳහා එකඟත්වයක් ද නැත. සිදුව තිබෙන්නේ ගනු දෙනුව ප්‍රමාද වීමක් පමණකි.
එයින් සිදු කොට ඇත්තේ අදාළ වාහන සැපයීමට ජපාන සැපයුම්කරුට තවත් කාලයක් ලබා දීම පමණක් බව කියති.
කොවිඩ් වසංගතය නිසා වාහන නිෂ්පාදනයට අවශ්‍ය ඇතැම් සැපයුම් ප්‍රමාද වීමෙන් වාහන නිෂ්පාදනයේ ප්‍රමාදයක් ද ඇති බව ද දැනගන්නට තිබේ.
