ජනතාව කෝපයෙන් ; ආණ්ඩුවත් ඉවරයි ; රාජපක්ෂ පවුලත් ඉවරයි – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

ආණ්ඩුව කෙරෙහි ජනතා කලකිරීම දිනෙන් දින ඉහළ  යන බවත්, තමන් වහන්සේට පෙනෙන්නට තිබෙන්නේ ආණ්ඩුවත් ඉවර වී රාජපක්ෂ පවුලත් ඉවර වන තත්ත්වයක් බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය සහ රජය බිහි කිරීමට විශාල කාර්යභාරයක් ඉටු කළ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ප්‍රකාශ කළහ.

එක පුද්ගලයකුට විශාල බලයක් දීම විනාශයට හේතුවක් බව මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළ බවත්, දැන් සිදුව තිබෙන්නේ ද එය ම බවත්, උන් වහන්සේ වැඩි දුරටත් පැවසුහ.

තව දුරුටත් මෙම විනාශය ඉදිරියට ගෙන යාම අනුමත කළ නොහැකි බවත්, ජනතා හඩට කන් දී පාලකයින් ක්‍රියා කළ යුතු බවත්, උන් වහන්සේ පේනවා දුන්නේ ඊයේ අභයාරාම විහාරස්ථානයේ සිට මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *