මන්ත්‍රී සැප වාහනවලට මුදල් ගෙවා ඇත්තේ මහ බැංකුවේ අවසරයකින් තොරව යි – මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී වාහන ගෙන්වීම සඳහා ණයවර ලිපි නිකුත් කොට මුදල් ගෙවා ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ කිසිදු අවසරයකින් තොරව බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා ප්‍රකාශ කොට ඇත.
“එබඳු අවසරයක් අප ලබා දී නැහැ ” ” අපත් එය දැනගත්තේ පසුවයි ” යනුවෙන් මහ බැංකු අධිපතිවරයා පැවසු බව “ඉකොනොමි නෙක්ස්ට්” වෙබ් අඩවිය සඳහන් කරයි.
අන්තරජාලය ඔස්සේ පැවතී මාධ්‍ය හමුවක දී ඔහු මේ බව පවසා ඇත.
“මෙම ප්රශ්නය සාධාරණීකරණය කරන්න අමාරුයි ” යයි ප්‍රකාශ කොට ඇති මහාචාර්ය ලක්ෂ්මන් මහතා ” මේ ගැන ලංකා බැංකුවෙන් සහ බැංකුවට මෙයට උපදෙස් දුන් අයගෙන් විමසිය යුතුයි ” යනුවෙන් වැඩිදුරටත් පවසා තිබේ.
