ඇමති ගම්මන්පිලගේ සහයට බන්දුල, මහින්දානන්ද ඇමතිවරු විමල් පිලට එක්වෙති


විමල් පිලේ ප්‍රබලයකු වන උදය ගම්මන්පිල ඇමතිවරයාට ඇමති ධුරයෙන් ඉවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එල්ල වී ඇති ප්‍රහාරයෙන් ඒ මහතා ආරක්ෂා කිරීමේ සටන සඳහා ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරුන් ද විමල් වීරවංශ පාර්ශවය හා එක්ව සිටින බව වාර්තා වෙයි.
උදය ගම්මන්පිල මහතාට සහය පළකිරීමේ වැඩ සටහනක් ගැන සාකච්ඡා කිරීමට විමල් වීරවංශ මහතා ප්රමුඛ පක්ෂ කණ්ඩායමේ නායකයින් අද උදේ වීරවංශ මහතාගේ නිල නිවසේ දී රැස් වී ඇති අතර එම සාකච්ඡාවට බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරුන් ද සහභාගී වී ඇත.
වාසුදේව නානායක්කාර, අතුරලියේ රතන හිමි, වෛද්‍ය ජී වීඑරසිහ, ටිරාන් අලස් මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙම රැස්වීමට එක්ව සිටි බව ද වාර්තා වෙයි.
උදය ගම්මන්පිල මහතාට එල්ල කරන ප්‍රහාර තම කණ්ඩායමට එරෙහි ප්‍රහාරයක් බව එහි සිටි සියලු දෙනාගේ ඒකමතික අදහස වූ බව කියති. මෙම තර්ජනයට මුහුණ දීමේ ක්‍රමවේද ගැන එහි දී සාකච්ඡා වී තිබේ.
