පාර්ලිමේන්තුව කල් තබන යෝජනාවක් ! හදිසි නීතිය නිසා ජනපති දෙගිඩියාවෙන්

පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ බහුතර බලයට තර්ජනයක් එල්ල වී ඇති තත්ත්වය තුළ, ප්‍රශ්න විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුව කල් තැබීමට ආණ්ඩු පක්ෂය තුළින් යෝජනාවක් ඉදිරිපත් වී ඇතත්, එසේ කළ හොත් ඊයේ ප්‍රකාශයට පත් කළ හදිසි තත්ත්වය අහෝසි වී යන බැවින් දෙගිඩියාවක් හටගෙන ඇති බව වාර්තා වෙයි.

අන්තර් වාර පාලනයක් වහා ම ඉල්ලා සිටින ආණ්ඩුවේ කැරලිකරුවන් එසේ නොකළහොත් පාර්ලිමේන්තු බහුතරය අහෝසි කරන බවට තර්ජනය කොට ඇත.

මෙම පෙරලිය ඉදිරි සතියේ සිදු කිරීමට මේ වන විට සැලසුම් කොට ඇති බව ද වාර්තා වෙයි.

කෙසේ වෙතත්, පවතින ගැටුම් පාලනය කිරීමට හදිසි නීතිය පැනවීමට ජනාධිපතිතුමා ඊයේ පියවර ගත්තේය.

එම හදිසි නීතිය දින 14 ක් තුළ පාර්ලිමේන්තුවෙන් අනුමත කළ යුතු අතර එසේ නොකළහොත් ඉබේ ම අහෝසි වෙයි.

පවතින තත්ත්වය යටතේ තමන්ට ද පහර කෑමට සිදුවනු ඇතැයි ද , ඒ නිසා ඇඳිරි නීතිය පනවා උද්ඝෝෂණ මැඩ පවත්වන්නැයි ද ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් ඊයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කොට තිබේ. එබැවින් ඒ සඳහා හදිසි නීතිය පවත්වාගෙන යෑම ද ආණ්ඩුවට අත්‍යවශ්‍ය කරුණක් වී තිබේ.

මේ නිසා පාර්ලිමේන්තුව කල් තැබීම ගැන දෙගිඩියාවක් හටගෙන ඇති බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *