කොවිඩ් ප්‍රතිකාර කරන්න දැඩි සත්කාර ඇඳන් නැතිව රෝගීන් මියයන බව තහවුරුයි ; මෙන්න ප්‍රබල සාක්ෂියක්

නිසි ප්‍රතිකාර නොලබා කොවිඩ් රෝගීන් මියයන බවට ආරංචි පැතිරෙද්දී රජය ඒ සියල්ල ප්‍රතික්ෂේප කළ ද, එබඳු සෝචනීය මරණයක් අද වාර්තා වී ඇත. එම මරණය වාර්තා කොට ඇත්තේ වත්මන් රජය බලයට ගෙන ඒමට කැප වී ක්‍රියා කළ ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයකු වන තිස්ස ජනනායක විසිනි. තම හිතවත් සහෘදයකු ප්‍රතිකාර නොලබා මියගිය අයුරු ජනනායක මහතා සිය මුහුණු…

කොවිඩ් මරණ 61 ක්; දිනයේ හඳුනාගත් අසාදිත අවසන් සංඛ්‍යා නිකුත් නොවේ ; සවස් වනවිට 2150 යි

තවත් කොවිඩ් ආසාදිත මරණ 61ක් අද දිනයේ වාර්තා කොට ඇත. ඒ අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 4,441 ක් වශයෙනි. අද දිනයේ හඳුනාගනු ලැබූ නව ආසාදිත සංඛ්‍යාව පිලිබඳ අවසන් වාර්තාව මේ වනතෙක් නිකුත් වී නැත. අද හවස් වනවිට වාර්තා කොට තිබු සංඛ්‍යාව 2,150 කි. මේ දක්වා සෑම දිනක ම ස්වස් වනවිට ලබාදෙන…

බැසිල් වෙනුවෙන් අස්වන බව කියු තුන් දෙනෙක් තවම හැංගිලා ; අයෙක් මහ බැංකු අධිපතිකම ඉල්ලලා !

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරයකු ලෙස දිවුරුම් දීමට මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීම මගහැරි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී වරුන් තිදෙනකු තවමත් එම පක්ෂයේ නායකයන් මග හරිමින් සිටින බව වාර්තා වේ. බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට එන්නේ නම් තමන් ඕනෑම අවස්ථාවක මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බව පවසමින් සිටි කීප දෙනකු පසුව යහපත් ප්‍රතිචාරයක්…

සඳුදා රාජ්‍ය සේවකයින් කැඳවීමේ අවසන් තීරණය හෙට ! වෙනසක් වීමට ඉඩ ඇතැයි කොරෝනා රාජ්‍ය ඇමතිනිය කියයි.

සියලු රාජ්‍ය සේවකයින් සඳුදා සිට සේවයට කැඳවීමේ තීරණයත්, රට විවෘත කිරීමේ තීරණයත් හෙට දින යළි සලක බැලීමට නියමිත බව සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග කියයි. කොවිඩ් තත්ත්වයේ අද දිනය දක්වා වර්ධනය සලක බලා මෙම සමාලෝචනය සිදු කිරීමට නියමිත ය. මේ අතර ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කොට ඇත්තේ …

විශ්වාස භංගයේ ඉලක්කය වුයේ ගම්මන්පිල ද ? රනිල් ද ? – සී ජේ අමරතුංග

සමගි ජන බලවේගය බලශක්ති ඇමති උදය ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව පරාජය වී ය. එම පරාජය මුල සිට ම දැන සිටි කරුණකි. නමුත් වැදගත් වන්නේ එයින් ඉටු කරගැනීමට අපේක්ෂා කළ අරමුණු සහ ඇත්තට ම සිදු වූ දේ පිලිබඳ කරණය යි. එමෙන් ම, දේශපාලනයේ බලවේග පෙළ ගැසීම් හා ප්‍රවණතා හඳුනා ගැනීමට ද මෙය හොඳ…

මංගල කරන වැඩේ හොඳයි ; එත් ඒක විතරක් මදි  – එජාප නායක රනිල් වික්‍රමසිංහ

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ආරම්භ කොට ඇති වැඩ පිළිවෙළින් ඒ මහතා උත්සහ කරන්නේ මහජනයාගේ අයිතීන් තහවුරු වන ක්‍රමයක් සහතික කිරීම බවත්, එය හොඳ වැඩ පිළිවෙළක් වුවත්, එය පමණක් ප්‍රමාණවත් නැති බවත් , ආර්ථික, සමාජ සහ විදේශ ආදී ක්ෂේත්‍රවල ප්‍රතිපත්ති ගැනද අපට අද සැලකිල්ල දැක්වීම අවශ්‍ය වන බව ත්, එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය…

අදත් කොවිඩ් මරණ 56 ක් ; නව ආසාදිතයින් 2455 ක් ; රෝගීන්ගෙන් රෝහල් පිරෙයි

කොවිඩ් ආසාදනයෙන් සිදු වූ මරණ 56 ක් අද දිනයේ වාර්තා වී ඇත. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 4,380 ක් වශයෙනි. අද දිනයේ නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 2,455 කි ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 306,662 ක් වශයෙනි. මේ වනවිට…

සංචරණ සීමා, අගුලු දැමීම් ඉවතට ! සියලු රජයේ සේවකයන් සේවයට කැඳවයි

කොවිඩ් පැතිරීමේ වැඩිවීමක් පෙන්නුම් කර තිබිය දී රට තව දුරටත් සංචරණ සීමා සහ අගුලු දැමීම් යටතේ පවත්වාගෙන යන්නට සිදුවනු ඇතැයි පැතිර තිබු ආරංචි බොරුකරමින් රජය සියලු රාජ්‍ය සේවකයින් සඳුදා සිට සේවයට කැඳවා ඇත. ඒ අනුව සේවකයින් කොටස් වශයෙන් කැඳවීම සහ නිවසේ සිට වැඩ කිරීම තවදුරටත් සිදු නොවනු ඇති අතර සියලු රජයේ කාර්යාල කොවිඩ් තත්ත්වයට පෙර…

මුහුදු ආරක්ෂක ව්‍යාපාරය යළි නිශ්ශංක සේනාධිපතිට

නිශ්ශංක සේනාධිපති මහතාට හිමි අවන්ගාඩ් මැරිටයිම් සර්විසස් ආයතනය, රජයට අයත් රක්නා ආරක්ෂක ලංකා සමාගම සමග හවුලේ පවත්වාගෙන යමින් සිටිය දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග මත නාවික හමුදාවට පවරාගනු ලැබූ සමුද්‍ර ආරක්ෂක සේවා කටයුතු යළි එම සමාගම්වලට භාරදීමට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බව වාර්තා වෙයි. ආරක්ෂක ලේකම්වරයා විසින් ලබා දී ඇති…

සජබට බැඳෙන්න ආරාධනාව මංගල ප්‍රතික්ෂේප කරයි ; ආණ්ඩුවත් සජබයත් එක ම කාසියේ දෙපැත්ත බව කියයි.

සමගි ජන බලවේගයට යළි එක් වන ලෙස හිටපු ඇමති මංගල සමරවීර මහතාට කරන ලද ආරාධනයක් ඒ මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලබා ඇත. මංගල සමරවීර මහතා ප්‍රකාශ කොට ඇත්තේ ආණ්ඩුවත් , සමගි ජන බලවේගයත් එක ම කාසියේ දෙපැත්ත බව යි. ආණ්ඩුවේ මතවාදය වන ජාතිවාදී, ආගම්වාදී , බහුතරවාදී මතවාදය මේ වනවිට විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන…

බදියුදීන් නිවසේ මියගියේ බාලවයස්කාරියක් නොවේ ; 16 පිරුණු තරුණියක් ; දුෂණයක් වුණත් මියගොස් නිසා නීතියක් නෑ ; සිය දිවි නසාගත් බව ඇයම කීවා – නීතිඥ ගුණරත්න වන්නිනායක

රිෂාඩ් බදුයිදීන් මහතාගේ නිවසේ දී මියගිය දැරියගේ වයස අවුරුදු පහලවක් ලෙස මාධ්‍ය වාර්තා කළ ද ඇය බාලවයස්කාරියක් නොව වයස අවුරුදු 16ක තරුණියක් බව නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා සඳහන් කරයි. තමන් විසින් සිරුරට ගිනි තබා ගත් බව ඇය මරණාසන්න ප‍්‍රකාශය ලෙස වෛද්‍යවරයා වෙත ප්‍රකාශ කර ඇතැයි ද ඔහු පවසයි. මියගිය තැනැත්තියගේ මරණාසන්න ප්‍රකාශය සාක්ෂි බවට පත්වන…

ශ්‍රීලනිප ආණ්ඩු විරෝධී සටනට එක්වෙන්න තීන්දු කරයි

රට තුළ වර්ධනය වන ආණ්ඩු විරෝධී සටන්වලට ක්‍රියාශීලී ලෙස මැදිහත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කොට ඇති බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි. පසුගිය දිනවල පැවතී පක්ෂයේ ඉහළ මණ්ඩලවල රැස්වීම්වල දී මෙම තීරණය ගෙන ඇත්තේ පක්ෂයේ බහුතරයේ අදහස් මත බව කියති. දැනට රට තුළ මතුවන ආණ්ඩු විරෝධී සටන් සාධාරණ බවත්, ඒවාට පක්ෂය ක්‍රියාශීලීව…