ශ්‍රීලනිප ආණ්ඩු විරෝධී සටනට එක්වෙන්න තීන්දු කරයි

රට තුළ වර්ධනය වන ආණ්ඩු විරෝධී සටන්වලට ක්‍රියාශීලී ලෙස මැදිහත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කොට ඇති බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි.

පසුගිය දිනවල පැවතී පක්ෂයේ ඉහළ මණ්ඩලවල රැස්වීම්වල දී මෙම තීරණය ගෙන ඇත්තේ පක්ෂයේ බහුතරයේ අදහස් මත බව කියති. දැනට රට තුළ මතුවන ආණ්ඩු විරෝධී සටන් සාධාරණ බවත්, ඒවාට පක්ෂය ක්‍රියාශීලීව සහභාගී විය යුතු බවත්, එම සාකච්ඡාවල දී වැඩි දෙනාගේ මතය වී තිබේ.

එම තිරණය අනුව පොහොර තහනමට එරෙහි ගොවි සටන , ගුරු වෘත්තීය අරගලය ඇතුළු ජනතා අරගල වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි දිනවල ක්‍රියාශීලී ලෙස සහභාගී වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *