බදියුදීන් නිවසේ මියගියේ බාලවයස්කාරියක් නොවේ ; 16 පිරුණු තරුණියක් ; දුෂණයක් වුණත් මියගොස් නිසා නීතියක් නෑ ; සිය දිවි නසාගත් බව ඇයම කීවා – නීතිඥ ගුණරත්න වන්නිනායක

රිෂාඩ් බදුයිදීන් මහතාගේ නිවසේ දී මියගිය දැරියගේ වයස අවුරුදු පහලවක් ලෙස මාධ්‍ය වාර්තා කළ ද ඇය බාලවයස්කාරියක් නොව වයස අවුරුදු 16ක තරුණියක් බව නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා සඳහන් කරයි.

තමන් විසින් සිරුරට ගිනි තබා ගත් බව ඇය මරණාසන්න ප‍්‍රකාශය ලෙස වෛද්‍යවරයා වෙත ප්‍රකාශ කර ඇතැයි ද ඔහු පවසයි.

මියගිය තැනැත්තියගේ මරණාසන්න ප්‍රකාශය සාක්ෂි බවට පත්වන බවත් ඉන් එහාට ගොස් නැවත පරීක්ෂණ කිරීමේ හැකියාවක් නැති බවද ඒ මහතා පෙන්වා දෙයි.

මෙම නඩුවේ ස්වභාවය අනුව එම මරණය සියදිවි නසාගැනීමක් බවද ඔහු සඳහන් කළේය.

ඇයට දුෂණයක් හෝ ලිංගික බලපෑමක් වී තිබුණද ඇය මියගොස් ඇති නිසා ඒ සම්බන්දයෙන් නීතිය ක‍්‍රියාත්මක කල නොහැකි බවත් ඔහු කියා සිටී.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී

 lanka C news

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *