සජබට බැඳෙන්න ආරාධනාව මංගල ප්‍රතික්ෂේප කරයි ; ආණ්ඩුවත් සජබයත් එක ම කාසියේ දෙපැත්ත බව කියයි.

සමගි ජන බලවේගයට යළි එක් වන ලෙස හිටපු ඇමති මංගල සමරවීර මහතාට කරන ලද ආරාධනයක් ඒ මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලබා ඇත. මංගල සමරවීර මහතා ප්‍රකාශ කොට ඇත්තේ ආණ්ඩුවත් , සමගි ජන බලවේගයත් එක ම කාසියේ දෙපැත්ත බව යි. ආණ්ඩුවේ මතවාදය වන ජාතිවාදී, ආගම්වාදී , බහුතරවාදී මතවාදය මේ වනවිට විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගයේ ද මතවාදය වී ඇති බව මංගල සමරවීර මහතාගේ මතය වී තිබේ.
සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික රෙහාන් ජයවික්‍රම මහතාගේ ආරාධනයක් ප්‍රතික්ෂේප කරමින් සමරවීර මහතා කියා ඇත්තේ සමගි ජන බලවේගයේ මතවාදය සමග තමන්ට එකඟ විය නොහැකි බව යි. මුහුණු පොතේ පළ කළ සටහනක් මගින් ඒ මහතා මේ කරුණු ප්‍රකාශ කොට ඇත.
“සැබෑ දේශප්‍රේමියෝ” සංවිධානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පසුගිය දා මංගල සමර වීර මහතා කීවේ ෆේල් වී ඇත්තේ ස’ර් පමණක් නොව ඔහු පෙනීසිටි මතවාදය බව යි. එම මතවාදය ම ගෙන යන විපක්ෂය ද ෆේල් බව ඒ මහතා කී ය. ඒ මහතා එය කීවේ ස’ර්ත් ෆේල්, සාත් ෆේල් යනුවෙනි.
