මුහුදු ආරක්ෂක ව්‍යාපාරය යළි නිශ්ශංක සේනාධිපතිට

නිශ්ශංක සේනාධිපති මහතාට හිමි අවන්ගාඩ් මැරිටයිම් සර්විසස් ආයතනය, රජයට අයත් රක්නා ආරක්ෂක ලංකා සමාගම සමග හවුලේ පවත්වාගෙන යමින් සිටිය දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග මත නාවික හමුදාවට පවරාගනු ලැබූ සමුද්‍ර ආරක්ෂක සේවා කටයුතු යළි එම සමාගම්වලට භාරදීමට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.

ආරක්ෂක ලේකම්වරයා විසින් ලබා දී ඇති වාර්තාවක් මත පදනම් වෙමින් ජනාධිපතතුමා මෙම උපදෙස් දුන් බව කියති.

නාවික හමුදාවට වාණිජ කටයුතුවල යෙදීමට බලයක් නැති බවත්, මෙම ව්‍යාපාරය නාවික හමුදාවට පැවරීමෙන් පසු අසාර්ථක වීම නිසා විශාල පාඩුවක් සිදු වී ඇති බවත්, ආරක්ෂක ලේකම්වරයාගේ වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

ඒ අනුව නාවික හමුදාවේ අධීක්ෂණය යටතේ අවන්ගාඩ් සමාගමට සහ රක්නා ආරක්ෂක ලංකා සමාගමට මෙම ව්‍යාපාරික කටුයුතු කරගෙන යාමට නැවත අවස්ථාව හිමිවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *