සංචරණ සීමා, අගුලු දැමීම් ඉවතට ! සියලු රජයේ සේවකයන් සේවයට කැඳවයි

කොවිඩ් පැතිරීමේ වැඩිවීමක් පෙන්නුම් කර තිබිය දී රට තව දුරටත් සංචරණ සීමා සහ අගුලු දැමීම් යටතේ පවත්වාගෙන යන්නට සිදුවනු ඇතැයි පැතිර තිබු ආරංචි බොරුකරමින් රජය සියලු රාජ්‍ය සේවකයින් සඳුදා සිට සේවයට කැඳවා ඇත. ඒ අනුව සේවකයින් කොටස් වශයෙන් කැඳවීම සහ නිවසේ සිට වැඩ කිරීම තවදුරටත් සිදු නොවනු ඇති අතර සියලු රජයේ කාර්යාල කොවිඩ් තත්ත්වයට පෙර පැවතී අකාරයෙන් ක්‍රියාත්මක වීමට නියමිත ය.

කොවිඩ් සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට යටත්ව 2021 අගෝස්තු මස 02 වන සඳුදා දින සිට සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා කැඳවීමට අදාළ නිවේදනයක් නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාට දැනුම් දී ඇත.

කොවිඩ් රෝගය පාලනය පහසු කිරීම සඳහා සීමිත කාර්ය මණ්ඩල චක්‍රීය පදනම මත කැඳවමින් සහ නිවසේ සිට රාජකාරී සිදුකිරීමට අදාළව නිකුත් කර ඇති සියලුම චක්‍රලේඛ අවලංගු කරන ලෙස ද ජනාධිපති ලේකම්වරයා කළ දැනුම් දීමේ සඳහන් ය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *