අදත් කොවිඩ් මරණ 56 ක් ; නව ආසාදිතයින් 2455 ක් ; රෝගීන්ගෙන් රෝහල් පිරෙයි

කොවිඩ් ආසාදනයෙන් සිදු වූ මරණ 56 ක් අද දිනයේ වාර්තා වී ඇත.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 4,380 ක් වශයෙනි.
අද දිනයේ නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 2,455 කි
ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 306,662 ක් වශයෙනි.
මේ වනවිට බොහෝ රජයේ රෝහල්වල කොවිඩ් වාට්ටු රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බව ද වාර්තා වෙයි.
කොවිඩ් රෝගීන් නිරෝධායනය සඳහා යොමු කරන පෞද්ගලික හෝටල් ද පිරී ඇතැයි තතු දත් ආරංචි මාර්ග කියයි.
