මංගල කරන වැඩේ හොඳයි ; එත් ඒක විතරක් මදි  – එජාප නායක රනිල් වික්‍රමසිංහ

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ආරම්භ කොට ඇති වැඩ පිළිවෙළින් ඒ මහතා උත්සහ කරන්නේ මහජනයාගේ අයිතීන් තහවුරු වන ක්‍රමයක් සහතික කිරීම බවත්, එය හොඳ වැඩ පිළිවෙළක් වුවත්, එය පමණක් ප්‍රමාණවත් නැති බවත් , ආර්ථික, සමාජ සහ විදේශ ආදී ක්ෂේත්‍රවල ප්‍රතිපත්ති ගැනද අපට අද සැලකිල්ල දැක්වීම අවශ්‍ය වන බව ත්, එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

ලිබරල් සහ කොන්සර්වටිව් ආදී වශයෙන් අතීතයේ දී කළ බෙදීම් මේ වනවිට වෙනස් වී ඇති බවත්, ඒ ඒ රටවලට සහ ජනතාවට අවශ්‍ය ලෙස ප්‍රතිපත්ති වෙනස් වී ඇති බවත් කී වික්‍රමසිංහ මහතා , ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ට්‍රම්ප් මහතා කොයි ගොඩට ද දාන්නේ? යන්න බොහෝ දෙනාට ප්‍රශ්නයක් වී ඇති බවත් පෙන්වා දුන්නේ ය.

අන්තර් ජාල සම්මුඛ සාකච්ඡාවකට එක්  වෙමින් ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ මංගල සමරවීර මහතා සහ තමන් ආර්ථික ප්‍රතිපතිටි වලදී ද බොහෝ දුරට සමාන මත දරන බව යි.

එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික දර්ශනය පිලිබඳ කළ  විමසුමකට පිළිතුරු දුන් වික්‍රමසිංහ මහතා කීවේ එය පරිසර හිතකාමී සමාජ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක් බව යි. එනම් වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක කරන අතර පරිසරයේ ආරක්ෂාවටත් , මහජනයා ජීවත්කිරීමේ සහ සමාජ සාධාරණත්වය සඳහාත්, ක්‍රියාත්මක කරන ක්‍රමයක් බව යි. එය  ජර්මනියේ සහ නොර්වේ, ස්‌වීඩන් වැනි රටවල පවතින ආකාරයේ වන නමුත් ශ්‍රී ලංකාවට ආවේනික ක්‍රමයක් විය යුතු බව ද ඒ මහතා කී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *