විශ්වාස භංගයේ ඉලක්කය වුයේ ගම්මන්පිල ද ? රනිල් ද ? – සී ජේ අමරතුංග

සමගි ජන බලවේගය බලශක්ති ඇමති උදය ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව පරාජය වී ය. එම පරාජය මුල සිට ම දැන සිටි කරුණකි. නමුත් වැදගත් වන්නේ එයින් ඉටු කරගැනීමට අපේක්ෂා කළ අරමුණු සහ ඇත්තට ම සිදු වූ දේ පිලිබඳ කරණය යි. එමෙන් ම, දේශපාලනයේ බලවේග පෙළ ගැසීම් හා ප්‍රවණතා හඳුනා ගැනීමට ද මෙය හොඳ දර්ශකයකි. විශේෂයෙන් ම, විශ්වාස භංගය ඉදිරිපත් කිරීමට හේතු වූ දේශපාලන ගැටුම් සහ එහි ප්‍රති ඵල ලෙස බිහි වී ඇති නව දේශපාලන පෙළගැසීම් තේරුම් ගැනීම වැදගත් වෙයි.

සජබය කීවේ මෙය ගෙනාවේ ආණ්ඩුව ඇතුළේ සිටි ඉන්ධන මිල වැඩි කිරීමට විරුද්ධව කතා කළ අයට ඔවුන්ගේ විරෝධය ප්‍රකාශ කරන්නට අවස්ථාවක් දීමට බව යි. අඩු තරමේ එබඳු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඡන්දය දීමෙන් වැළකී සිටිනු ඇතැයි තමන් අපේක්ෂා කළ බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ප්‍රකාශ කළේ ය. අන්තිමේ ඒ සියලු දෙනා කිසි ලැජ්ජාවක් නැතිව එකට සිටගත් බව ෆොන්සේකා මහතා කී ය.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මුල සිට ම කීවේ මෙම විශ්වාස භංගයෙන් ආණඩුව එක්සත් වන බව යි. එමෙන් ම, ඉන්ධන මිල වැඩි කිරීමට ඇමතිවරයා මෙනම් මුදල් ඇමති ඇතුළු ආණ්ඩුව ම වග කිව යුතු බව යි. එසේ ඉදිරිපත් කළේ නම්, අඩු තරමින් විශ්වාස භංගයට තර්කානුකුල බවක් ලැබෙයි.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කීවේ මෙය දේශපාලන වශයෙන් අඥාන, තකතීරු, මෝඩ තීරණයක් බව යි. ඔහු පෙන්වා දුන්නේ, කුමන කරුණක් නිසා හෝ ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවය සමග ගැටුමක සිටි ඇමතිවරයාට තම පැවැත්ම සඳහා එම පාර්ශවය මත යැපෙන්නට සිදුවන තත්ත්වයක් මෙමගින් නිර්මාණය කළ බව යි.

විශ්වාස භංගය අවසන් වීමෙන් පසු ප්‍රකාශයක් කළ පාලිත තෙවරප්පෙරුම හිටපු මන්ත්‍රීවරයා සජබ නායකත්වය ගැන කීවේ “ සිහින තිබුණට කෝටියක් , මොලේ නැහැ එක බින්දුවක් “ යනුවෙනි.

විශ්වාස භංගය අවසන් වීමෙන් පසු ප්‍රකාශයක් කළ පාලිත තෙවරප්පෙරුම හිටපු මන්ත්‍රීවරයා සජබ නායකත්වය ගැන කීවේ “ සිහින තිබුණට කෝටියක් , මොලේ නැහැ එක බින්දුවක් “ යනුවෙනි.

මෙම විශ්වාස භංගය පිලිබඳ තම විරෝධය සජබ මන්ත්‍රීවරුන් ද ප්‍රකාශ කොට ඇති බව වාර්තා වී ය. සමහරු එජාප නායකයාට සහ ලේකම් රංගේ බණ්ඩාර මහතා ඇතුළු විවිධ අය සමග මැසිවිලි නගා ඇති බව වාර්තා වී ය. එම වාර්තා කිසිවක් ප්‍රතික්ෂේප වී නැති අතර තතු දත් ආරංචි මාර්ග තහවුරු කොට ඇත්තේ ඒවා සත්‍ය බව යි.

මෙහෙම තීරණයක් ගත්තේ ඇයි ?

මෙබඳු වැරදි තීරණයක් ගැනීමට සමගි ජන බලවේගය සහ එහි නායකත්වය පෙළඹුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා ඇතුළු එම පක්ෂයේ උදවිය කළ ප්‍රකාශ බරපතළ ලෙස සැලකීම බව බොහෝ දෙනාගේ විශ්වාසය වී ඇත. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතගේ සිට ඇතැම් මාධ්‍යවේදීන් දක්වා බොහෝ දෙනා මෙම අදහස ප්‍රකාශ කොට ඇත.

ඇත්තෙන් ම, මෙය උපකල්පනයකි. ඒ වන විට මතුපිට පෙනෙන්නට තිබු ඇතැම් දේශපාලන සිදුවීම් එබඳු උපකල්පනයක් සඳහා ශක්තිමත් පදනමක් සපයයි.

සජබ විශ්වාස භංගයට ආණ්ඩුවේ ගැටුම පිලිබඳ වැරදි තක්සේරුව යම් බලපෑමක් කළා විය හැකි ය. කෙසේ වෙතත්, බොහෝ දෙනා වැඩි සැලකිල්ලක් නොදක්වන වෙනත් කාරණයක් මේ මොහොතේ සමගි ජන බලවේගයේ හැසිරීමට විශාල බලපෑමක් කොට ඇති බව අමතක කළ නොහැකි ය. එය නම් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු ආගමනයත් සමග සමගි ජන බලවේගයේ නායකත්වය මුහුණ දී සිටින දේශපාලන අභියෝගය යි.

එජාප නායකයා පාර්ලිමේන්තු පැමිණීමත්, එජාපයෙන් පළාත් පාලන ආයතනවලට පත් වී සජබ ට ගිය සභිකයන් නෙරපීමට පක්ෂය ගත්  තීරණයට එරෙහිව ඉදිරිපත් කොට තිබු පෙත්සම් අධිකරණයෙන් නිෂ්ප්‍රභා කිරීමත්, සමග ගම් මට්ටමේ දක්නට ලැබෙන ප්‍රවනතාව වී ඇත්තේ සජබයේ සිටි ඇතැම් පිරිස් නැවත එජාපයට සම්බන්ධ වීම යි.

ඇතැම් තැනක එජාපය පළාත් පාලන ආයතනවල බලය නැවත ලබාගෙන ඇත්තේ එම සභිකයින් එජාප විනය යටතට පැමිණීමෙනි. ඇතැම් තැනක කණ්ඩායම් බෙදී සිටීම නිසා එම ආයතනවල බලය ආණ්ඩුවේ පාර්ශවයට හිමි වී තිබේ. එජාපයෙන් ඉවත් වුවන්ගේ මන්ත්‍රී ධුර අහිමි වූ විට එම සභාවල බලය ද එම පක්ෂයට හිමිවිය හැකි ය.

සජබ කියන්නේ ජන පදනමක් ඇති අය සිටින්නේ තමන් සමග බව යි. කෙසේ වෙතත්, ගැටුම් උත්සන්න වී ඇති බව පැහැදිලි කරුණකි.

සජබයේ පසුබැස්මට එක් හේතුවක් නම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳව ඇති විවේචනය යි. එය බරපතළ ප්‍රශ්නයක් වී ඇති බව ප්‍රකට කාරණයකි. ගොඩ නැගී ඇත්තේ විපක්ෂ නායකයාගේ නායකත්වය නොපිළිගන්නා තත්ත්වයකි.

සජබයේ පසුබැස්මට එක් හේතුවක් නම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳව ඇති විවේචනය යි. එය බරපතළ ප්‍රශ්නයක් වී ඇති බව ප්‍රකට කාරණයකි. ගොඩ නැගී ඇත්තේ විපක්ෂ නායකයාගේ නායකත්වය නොපිළිගන්නා තත්ත්වයකි.

මේ වනවිට චම්පික රණවක මහතා වෙන ම ගමනක් අරඹා ඇත. හරීම් ප්‍රනාන්දු මහතා දැකගන්නට නැත. ඒ මහතා අසනීපයෙන් බව කියතත්, තතු දත් අය කියන්නේ දේශපාලන වැඩට සම්බන්ධ විය නොහැකි තරම් අසනීපයක් ඒ මහතාට නැති බව යි. සජබයේ තිබෙන අනෙක් බොහෝ ප්‍රශ්න විශ්වාස භංග ඡන්දයේ දී පැහැදිලි වී ය.

මෙම අභියෝගය තුළ සජිත් ප්‍රේමදාස මහතා මේ දිනවල ක්‍රියාත්මක වන්නේ ඉතා ම කඩිසර ආකාරයෙනි. හැම තැන ම උද්ඝෝෂණ සංවිධානය කරන්නේ ය. නිතර ම විවිධ ප්‍රකාශ කරන්නේ ජනප්‍රිය මතවාදයන්ට ආමන්ත්‍රණය කරමිනි.

මතුපිටින් පෙනෙන්නේ සජිත් ආණ්ඩුව සමග මහා සටනක සිටින බව ය. එහෙත්, ඇත්ත සටන තිබෙන්නේ ගම මට්ටමේ ය. එනම්, තමන් ගෙඩි පිටින් ගත්  එජාප බලය එලෙස ම රැකගැනීම සඳහා ය. එමෙන් ම, ජාතික වශයෙන් විපක්ෂ නායකත්වය තහවුරු කර ගැනීම සඳහා ය.

ගම්මන්පිලට එරෙහි විශ්වාස භංග යෝජනාව දඩි බිඩි යේ ගේන්නේ ද එම වුවමනාව අනුව ය.

රනිල්ගේ සැළසුම්වලට එරෙහිව

මෙහි දී සජිත්ගේ තවත් වුවමනාවක් ද හඳුනාගත යුතුව ඇත. එනම්, මෙමගින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ තිබිය හැකි දේශපාලන සැලසුම් අභියෝගයට ලක් කිරීම යි.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු පැමිණීමට අදාළ සිද්ධි මාලාව ද මෙහි දී අපගේ අවධානයට යොමු විය යුතු ය.

පාර්ලිමේන්තු පැමිණීමේ තම තීරණය ගැන වික්‍රමසිංහ මහතා කීවේ තමක් පැමිණීමට කැමැත්තෙන් නොසිටි බව සහ මෑත කාලයේ සංඝයා වහන්සේලා ඇතුළු බොහෝ දෙනාගේ ඉල්ලීම මත මන්ත්‍රී ධුරය භාර ගන්නට තීරණය කළ බව යි. එම සංඝයා වහන්සේලා කවුදැයි ඒ මහත් කීවේ නැත.

කෙසේ වෙතත්, මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන් පසුව ඒ මහතා මුලින් ම ගියේ නාරාහේන්පිට අභයාරාමයටය.  ඒ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැ දකින්නට ය.

ඉන්පසුව වික්‍රමසිංහ මහතා ඇල්ලේ ගුණවංශ හිමියන් ද බැහැ දුටුවේ ය.

දේශපාලන ගනුදෙනු

මෙම ස්වාමීන්වහන්සේලා ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මෑත කාලයේ ප්‍රසිද්ධියේ පෙනී සිටි බවත්,  ජනාධිපතිතුමා පිලිබඳ විශ්වාසය අවසන් බව සහ විකල්පයක් සොයන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බවත්, ප්‍රසිද්ධ කාරනා ය.

එබැවින් තේරුම් ගත යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතා මේ ස්වාමීන් වහන්සේලා බැහැ දැකීම අහඹු කාරණයක් නොවන බව යි.

එජාප සභාපති වජිර අබේවර්ධන මහතාත්, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මහතාත් නාරාහේන්පිට අභයාරමයට ගොස් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැ දුටු බවට පසුගිය අප්‍රේල් මාසයේ පළ වූ වාර්තා ද මෙහි දී මතකයට නගා ගැනීම වැදගත් ය. වජිර අබේවර්ධන මහතා තනියම මෙම ගමන ගියේ නම් ඇති වැදගත්කමට වඩා වැදගත්කමක් එයට හිමි වන්නේ සුමන්දිරන් මහතා එයට සහභාගී වුයේ නම් ය. එය යම් නව දේශපාලන උත්සාහයක නිමිත්තක් වීමට බොහෝ දුරට ඉඩකඩ ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දී කළ කතාව බොහෝ දෙනාගේ පැසසුමට ලක් වී ය. ඒ මහතා ආණ්ඩුවට චෝදනා කළේ එය පාර්ලිමේන්තුවේ සහ කැබිනට් මණ්ඩලයේ බලතල පරිහරණය නොකර ජනාධිපතිට හිතුවක්කාර ලෙස ක්‍රියාත්මක වීමට ඉඩ දී තිබීම ගැන ය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා අමතා රනිල් කීවේ “ ඔබ මේ බලය අතට ගන්න , එතකොට මෙතනට ඇවිත් පිකට් කර හෝ ප්‍රශ්න විසඳාගන්න අපට පුළුවන් “ යනුවෙනි. එය මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කළ ප්‍රකාශයක් මෙන් ම, හේතුව කුමක් වුවත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ද කියා ගන්නට අවශ්‍ය වූ දෙය බව පැහැදිලි කාරණයකි.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 සංශෝධනයට එරෙහිව පෙනීසිටි කණ්ඩායම එසේ කිරීමට ප්‍රධාන හේතුවක් වුයේ එමගින් අගමැති මහින්ද රාජපක්ෂ බල රහිත කොට ජනාධිපති බලය අතට ගැනීම යි. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අවස්ථා ගණනාවක දී ජනාධිපති තුමාට කීවේ ‘අයියාගේ උපදෙස් ලබාගෙන වැඩ කරන්න’ යනුවෙනි. පාර්ලිමේන්තු ආ රනිල් කීවේ අගමැතිතුමා බලය අතට ගත යුතු බවයි. මේ මොහොතේ දේශපාලන බලවේග පෙළගැසී ඇත්තේ එහෙම ය.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 සංශෝධනයට එරෙහිව පෙනීසිටි කණ්ඩායම එසේ කිරීමට ප්‍රධාන හේතුවක් වුයේ එමගින් අගමැති මහින්ද රාජපක්ෂ බල රහිත කොට ජනාධිපති බලය අතට ගැනීම යි. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අවස්ථා ගණනාවක දී ජනාධිපති තුමාට කීවේ ‘අයියාගේ උපදෙස් ලබාගෙන වැඩ කරන්න’ යනුවෙනි. පාර්ලිමේන්තු ආ රනිල් කීවේ අගමැතිතුමා බලය අතට ගත යුතු බවයි. මේ මොහොතේ දේශපාලන බලවේග පෙළගැසී ඇත්තේ එහෙම ය.

සැමට මෙම ප්‍රශ්නය දැනෙන්නේ එක ම ආකාරයට නොවන බව පැහැදිලි ය. ජනතාවට සහ විපක්ෂයට මෙය ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ ප්‍රශ්නයකි. දේශපාලනය මිලිටරිකරණය පිලිබඳ ප්‍රශ්නයකි. ඒකාධිපති ගමනක් පිලිබඳ ප්‍රශ්නයකි. අගමැති මහින්ද රාජපක්ෂ මහතාට මෙය තමන්ගේ බලය ගිලිහීම පිලිබඳ ප්‍රශ්නයකි. විමල්ට,ගම්මන්පිලට සහ ආණ්ඩුව තුළ ඔවුන්ගේ කණ්ඩායමට දැනෙන්නේ ද එම ප්‍රශ්නය යි.

ආණ්ඩුවෙන් කැපෙන මහින්ද කණ්ඩායම

මහින්ද, විමල්, ගම්මන්පිල කණ්ඩායමට මෙම ප්‍රශ්නය ආණ්ඩුව තුළ විසඳා ගැනීමට ශක්තියක් නැත. පසුගිය දිනවල විමල්ගේ තටු කැපීම ආරම්භ වී ය. ගම්මන්පිල එලියට දැමිය යුතු බවට ප්‍රචාර ආරම්භ වී ය. පෙනෙන්නට තිබුණේ මෙම පිරිස කොයි මොහොතක හෝ දොට්ට දමන බවකි.

මෙම තත්ත්වය පිලිබඳ නිවැරදි තෙරුම් ගැනීමක් හෝ හොඳින් කළමනාකරණය කිරීමක් හෝ සජබ නායකත්වයෙන් දක්නට ලැබුණේ නැත. ඔවුන් හුදු ආණ්ඩු විරෝධී සටන්පාඨ කීවාට ඉන් එහා දේශපාලනයක් කළේ නැත. එජාප නායක රනිල් වික්‍රමසිංහ නමැති තනි අලියාට ඉල්ලුමක් ලැබෙන්නේ එම තත්ත්වය තුළ ය.

මුරුත්තෙට්ටුවේ හිමියන් කීවේ මහින්දගේ කඳට රනිල්ගේ ඔළුව සවිකළ යුතු බව යි. ඒ කීවේ කට කහනවාට නොවේ. ඒ කීවේ දේශපාලන සැලසුමකි. කළ හැකි වුවත් , නොහැකි වුවත්, දරන උත්සාහයකි.

මහින්දගේ කඳ කීවේ ඔහු සමග සිටින දේශපාලන බලවේගයට ය. ඒ කියන්නේ විමල්, ගම්මන්පිල කණ්ඩායම සහ ආණ්ඩුව තුළ සිටින මහින්ද හිතවාදී පිරිස යි.

මහින්දගේ කඳට රනිල්ගේ හිස බද්ධ කළ යුතු බව කියන විට මුරුත්තෙට්ටුවේ හිමියන් කීවේ මහින්දට ඔලුවක් නැති බව විය නොහැකි ය. එම ඔළුවට මේ මොහොතේ ක්‍රියාත්මක වීමේ සීමා ඇති බව විය හැකි ය. එයට මේ මොහොතේ සුදුසු ඔළුවක් අවශ්‍ය බව විය හැකි ය.

බොහෝ විට, මහින්දගේ කඳට රනිල්ගේ හිස බද්ධ කිරීමේ මේ අනතුරුදායක ශල්‍යකර්මය සැබවින් ම සැලසුම් කළේ මහින්දගේ ම ඔළුවෙන් වීමට ද හොඳට ම ඉඩ ඇත. මහින්දගේ අනුමැතියකින් තොරව ඔහුගේ කඳට මෙබඳු ශල්‍යකර්ම කිරීමට සිතීමට වත් කිසිවකුට ඉඩ නොලැබෙනු ඇත. එම අනුමැතිය නැතිව මුරුත්තෙට්ටුවේ හිමියන් එබඳු කාර්යයකට අත ගහන්නේ ද නැති බව විශ්වාස කළ හැකි ය.

බොහෝ විට, මහින්දගේ කඳට රනිල්ගේ හිස බද්ධ කිරීමේ මේ අනතුරුදායක ශල්‍යකර්මය සැබවින් ම සැලසුම් කළේ මහින්දගේ ම ඔළුවෙන් වීමට ද හොඳට ම ඉඩ ඇත. මහින්දගේ අනුමැතියකින් තොරව ඔහුගේ කඳට මෙබඳු ශල්‍යකර්ම කිරීමට සිතීමට වත් කිසිවකුට ඉඩ නොලැබෙනු ඇත. එම අනුමැතිය නැතිව මුරුත්තෙට්ටුවේ හිමියන් එබඳු කාර්යයකට අත ගහන්නේ ද නැති බව විශ්වාස කළ හැකි ය.

තම පවුලේ ම පාලනයක් වී ඇති මල්ලීගේ පාලනයට එරෙහිව මෙබඳු බරපතළ කාර්යයකට මහින්ද රාජපක්ෂ මහතා අත ගසනු ඇත් ද යන්න කෙනෙකුට ප්‍රශ්න කළ හැකි ය. එය සාධාරණ ප්‍රශ්නයකි.

අගමැති මහින්දගේ අරමුණු

කෙසේ වෙතත්, තමා වෙනුවෙන් පෙනී සිටි බලවේගවල දේශපාලන අනාගතය රැක දීම මහින්ද රාජපක්ෂ මහතාගේ යුතුකමක් බවට පත්ව ඇත. ඒ නිසා තමන් කෙලින් ම වේදිකාවට නගින්නේ නැතිව එය කරන ක්‍රමයක් ගැන ඒ මහතා කල්පනා කිරීමට ඉඩ ඇත.

ඇතැම් විට ප්‍රශ්නය ඊට වඩා දුර දිග යන බව අගමැති රාජපක්ෂ මහතාට පෙනී ගොස් ඇතිවා ද විය හැකිය. තම මල්ලීගේ අපරිණත දේශපාලනය දිගට ම ගියහොත් සිදුවිය හැකි විනාශය මහින්දට තේරුම් ගන්නට හොඳට ම හැකියාව ඇත. එසේ වුවහොත් වන්නේ, මුරුත්තෙට්ටුවේ හිමියන් කියන පරිදි රාජපක්ෂ නාමය පවා මෙරට ජනතාවට එපා වීම යි. මේ වන විටත් සිදුවෙමින් පවතින්නේ එය යි. එයට ඉඩ තැබුව හොත් නාමල් රාජපක්ෂ මහතගේ ද දේශපාලන අනාගතය අඳුරේ ය. එබැවින් අප තේරුම් ගත යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා මෙබඳු වැඩ පිළිවෙළකට අත ගසා ඇත්නම් හෝ අනුමැතිය දී ඇත්නම් හෝ එසේ කර ඇත්තේ රාජපක්ෂවරුන් දේශපාලනයෙන් අතුගෑවී යාම වළකා ගැනීමට සහ නාමල්ගේ අනාගතය ආරක්ෂා කර ගැනීමට බව යි.

ප්‍රශ්නය ඊට වඩා දුර දිග යන බව අගමැති රාජපක්ෂ මහතාට පෙනී ගොස් ඇතිවා ද විය හැකිය. තම මල්ලීගේ අපරිණත දේශපාලනය දිගට ම ගියහොත් සිදුවිය හැකි විනාශය මහින්දට තේරුම් ගන්නට හොඳට ම හැකියාව ඇත. එසේ වුවහොත් වන්නේ, මුරුත්තෙට්ටුවේ හිමියන් කියන පරිදි රාජපක්ෂ නාමය පවා මෙරට ජනතාවට එපා වීම යි. මේ වන විටත් සිදුවෙමින් පවතින්නේ එය යි. එයට ඉඩ තැබුව හොත් නාමල් රාජපක්ෂ මහතගේ ද දේශපාලන අනාගතය අඳුරේ ය. එබැවින් අප තේරුම් ගත යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා මෙබඳු වැඩ පිළිවෙළකට අත ගසා ඇත්නම් හෝ අනුමැතිය දී ඇත්නම් හෝ එසේ කර ඇත්තේ රාජපක්ෂවරුන් දේශපාලනයෙන් අතුගෑවී යාම වළකා ගැනීමට සහ නාමල්ගේ අනාගතය ආරක්ෂා කර ගැනීමට බව යි.

ඒ සඳහා අවශ්‍ය නම් රනිල්ට, එජාපයට හෝ සමස්ත විපක්ෂයට හෝ යම් අවස්ථාවක් ලබා දීමට වුව ද මහින්ද රාජපක්ෂ මහතා නොපැකිලෙනු ඇත. එය ඔහුට නාමල්ගේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයකි.

මෙම උපාය මාර්ගයට අවශ්‍ය දේශපාලන වැඩ පිළිවෙළ ගැන ඉඟියක් ලැබුණේ රනිල් වික්‍රමසිංහ මහතාගෙනි. වත්මන් දේශපාලන තත්ත්වය ගැන සියලු දෙනා අලුතින් සිතිය යුතු බව කී ඒ මහතා කීවේ සියලු පක්ෂ වසර දහයක් පහළවක් සඳහා ජාතික වැඩ පිළිවෙළකට එකඟ වී නොකඩවා එය ක්‍රියාත්මක කළ යුතු බව යි. ඔහු කතා කළේ සියලු පක්ෂ වලට ය.

උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාස භංගයට පෙර පැවතී ඇතැම් දේශපාලන පෙළගැසීම් එබඳු ය. දැන් අපි නැවත විශ්වාස භංගය දෙසට හැරෙමු.

සජිත්ලා බබ්බු නොවෙති

සජිත් සහ සජබය මෙම පෙළ ගැසීම් කෙලෙස තේරුම් ගත්තා දැයි අපි නොදනිමු. එසේ වුව ද, මුරුත්තෙට්ටුවේ හිමියන් හරහා විමල්, ගම්මන්පිල කණ්ඩායම සහ එජාප අතර සන්ධානයක් ඇතිවෙමින් පවතින බව තේරුම් නොගන්නට තරම් ඔවුන් බබ්බු විය නොහැකි ය. රනිල්ට දේශපාලන වශයෙන් පහර දීමට නම් මෙම සන්ධාන ගත වීමට අඩ තැබිය යුතු යයි ඔවුන් සිතුවා විය හැකි ය. ඉන්ධන ප්‍රශ්නය මත ගම්මන්පිලට විශ්වාස භංගයක් ගෙන ඒම මගින් රනිල් අමාරුවේ දැමිය හැකි යයි ඔවුන්ගේ තක්සේරුව වුවා විය හැකි ය. එසේ නම්, පොහොට්ටු ලේකම්ගේ ප්‍රකාශය එයට යොදාගත් ආවරණය පමණකි .

සමගි ජන බල්වේගයේ ජෙෂ්ඨයින් විශ්වාස භංගයට කර ගැසුවේ නැත. එයට පෙරමුණ ගත්තේ උග්‍ර රනිල් විරෝධීන් බව ද, පෙනෙන්නට තිබිණි. යෝජනාව ඉදිරිපත් කිරීම පැවරුනේ එස් එම් මරික්කාර් මන්ත්‍රීවරයාට ය. ස්ථිර කළේ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ය. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ප්‍රධාන කථිකයෙකු වී ය.

සමගි ජන බල්වේගයේ ජෙෂ්ඨයින් විශ්වාස භංගයට කර ගැසුවේ නැත. එයට පෙරමුණ ගත්තේ උග්‍ර රනිල් විරෝධීන් බව ද, පෙනෙන්නට තිබිණි. යෝජනාව ඉදිරිපත් කිරීම පැවරුනේ එස් එම් මරික්කාර් මන්ත්‍රීවරයාට ය. ස්ථිර කළේ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ය. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ප්‍රධාන කථිකයෙකු වී ය.

යෝජනාවට විරෝධය ප්‍රකාශ කළ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ඡන්දය දීමට පැමිණියේ නැත. හරීම් ප්‍රනාන්දු  මහතා ගැන කියන්නේ ඔහු මගහැර යාමට පියවරගත් බව යි.

විපක්ෂයෙන් රනිල්ට විශ්වාස භංගය ගැන කතා කිරීමට වෙලාව දුන්නේ නැත. රනිල්ගේ ඉල්ලීම මත කථානායක තුමා වෙලාව වෙන් කර දුන් විට එයට ද විරෝධය ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත්, විශ්වාස භංගය අවසන් වුයේ සජබය නටපු තොවිලයකුත් නැති බෙරේ පලුවකුත් නැති තත්ත්වයට පත් කරමිනි.

විශ්වාස භංගයෙන් ආණ්ඩුවේ ගැටුම් සමනය වූ බව පෙනී ගිය ද, ඒ ගැන වෙන ම කතා කළ යුතුව ඇත.

කෙසේ වෙතත්, පෙනෙන්නට තිබෙන්නේ එම ගැටුම් අලුත් වටයකින් යළි පැමිණිය හැකි බව යි. ගොඨාභය රාජපක්ෂ මහතා යළි තරග වදින බව ප්‍රකාශ කිරීමත්, ඒ සඳහා ඔහු තම බලය තහවුරු කර ගැනීමට දරන උත්සාහයත්, නිසා ආණ්ඩුවේ ගැටුම් යළි උත්සන්න විය හැකි ය.

විශ්වාස භංගයෙන් ආණ්ඩුවේ ගැටුම් සමනය වූ බව පෙනී ගිය ද, ඒ ගැන වෙන ම කතා කළ යුතුව ඇත.

කෙසේ වෙතත්, පෙනෙන්නට තිබෙන්නේ එම ගැටුම් අලුත් වටයකින් යළි පැමිණිය හැකි බව යි. ගොඨාභය රාජපක්ෂ මහතා යළි තරග වදින බව ප්‍රකාශ කිරීමත්, ඒ සඳහා ඔහු තම බලය තහවුරු කර ගැනීමට දරන උත්සාහයත්, නිසා ආණ්ඩුවේ ගැටුම් යළි උත්සන්න විය හැකි ය.

ඒ සමග ඇතිවිය හැකි නව දේශපාලන පෙළ ගැසීම් වලින් ප්‍රයෝජන ගත හැකි වන්නේ ඒවා හඳුනාගෙන හොඳින් කළමනාකරණය කර ගන්නා බලවේගයන්ට ය.

කෙසේ වෙතත්, තේරුම් ගත යුතු කරුණ නම් දේශපාලනයේ නොසිතු විරූ වර්ධනයන් සහ පෙරළි ඇතිවීමට ඉඩ තිබෙන බව යි.

සී ජේ අමරතුංග

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *