සඳුදා රාජ්‍ය සේවකයින් කැඳවීමේ අවසන් තීරණය හෙට ! වෙනසක් වීමට ඉඩ ඇතැයි කොරෝනා රාජ්‍ය ඇමතිනිය කියයි.

සියලු රාජ්‍ය සේවකයින් සඳුදා සිට සේවයට කැඳවීමේ තීරණයත්, රට විවෘත කිරීමේ තීරණයත් හෙට දින යළි සලක බැලීමට නියමිත බව සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග කියයි. කොවිඩ් තත්ත්වයේ අද දිනය දක්වා වර්ධනය සලක බලා මෙම සමාලෝචනය සිදු කිරීමට නියමිත ය.

මේ අතර ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කොට ඇත්තේ  සඳුදා රට විවෘත කරන තීරණය බොහෝ දුරට වෙනස් විය හැකි බව යි.

දැන් රට තියෙන්නේ එම  තීරණය ගනිද්දි තිබුණ තත්ත්වයේ නොවේ යැයි ද, පසුගිය සතියේදී රෝගීන් ප්‍රමාණය වැඩිවී ඇතැයිද  රාජ්‍ය ඇමතිවරියප්‍රකාශ කොට ඇත.

ඇමතිවරිය වැඩි දුරටත් පවසා ඇත්තේ පවතින අවදානම් තත්ත්වය යටතේ කල්පනාකාරීව තීරණ ගැනීමට සිදුව ඇති බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *