කොවිඩ් ප්‍රතිකාර කරන්න දැඩි සත්කාර ඇඳන් නැතිව රෝගීන් මියයන බව තහවුරුයි ; මෙන්න ප්‍රබල සාක්ෂියක්

නිසි ප්‍රතිකාර නොලබා කොවිඩ් රෝගීන් මියයන බවට ආරංචි පැතිරෙද්දී රජය ඒ සියල්ල ප්‍රතික්ෂේප කළ ද, එබඳු සෝචනීය මරණයක් අද වාර්තා වී ඇත. එම මරණය වාර්තා කොට ඇත්තේ වත්මන් රජය බලයට ගෙන ඒමට කැප වී ක්‍රියා කළ ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයකු වන තිස්ස ජනනායක විසිනි. තම හිතවත් සහෘදයකු ප්‍රතිකාර නොලබා මියගිය අයුරු ජනනායක මහතා සිය මුහුණු පොත් ගිණුමේ සටහන් කොට ඇත්තේ මෙසේ ය.

“මංජුල විජේසූරිය සමුගනියි.

ඊයේ රාත්‍රියේ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් වතුපිටිවල රෝහලට ඇතුළත් කල අපගේ සහෘදයා මංජුල විජේසූරිය Rapid Antigen පරීක්ෂාව positive වීම නිසා සාමාන්‍ය ICU එකකට ඇතුලත් කල නොහැකි විය. අද උදෑසන සිට රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්වල covid ICU එකක් සොයා ගැනීමට කොතෙක් උත්සාහ දැරුවත් එම සියලුම උත්සාහයන් අසාර්ථක විය.

අවසානයේ ඔහු අපෙන් සමුගෙන ගොසිනි . ආදරණීය මානවහිතවාදී සහෘදය, ඔබට නිවන් සුව පතමු !

සියලු දෙනා හැකිතාක් ප්‍රවේශම් වන්න.”

රජය රට විවෘත කිරීමට කටයුතු කරමින් සිටිය දී රටේ කොවිඩ් ව්‍යාප්තියේ සැබෑ තත්ත්වය මෙම සිදුවීමෙන් පෙන්නුම් කෙරෙයි.

රටේ ප්‍රබල දේශපාලඥයන් පවා හොදින් හඳුනන තිස්ස ජනනයක වැන්නේකුටත් තම සහෘදයාට  කොවිඩ් අධි සත්කාර ඇඳක් සොයා ගැනීමට නොහැකි වුයේ නම් තත්ත්වයේ භයානක කම පැහැදිලි ය.

රජය හැසිරෙන්නේ එබඳු කිසිදු ප්‍රශ්නයක් නැති ආකාරයෙනි.

.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *