අගමැති මහින්ද ඉවත් වුනොත් අගමැතිකමට පොහොට්ටුවෙන් වෙනත් නම් යෝජනා කරන්නේ නැහැ – පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ

  අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරින් ඉල්ලා අස් වුවහොත් එම තනතුරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් නමක් යෝජනා නොකරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළ බව වාර්තා වෙයි. අගමැති තනතුරට වෙනත් අයකු තෝරා ගැනීම සියලු පක්ෂ සම්බන්ධ වන ජාතික සභාවකින් සිදු කිරීමට යෝජනා වී ඇති අතර බැසිල් රාජපක්ෂ් මහතා…

අගමැති මහින්ද අනිද්දා (4 දා ) ඉල්ලා අස්වෙයි ?

  අගමැති මහින්ද රාජපක්ෂ මහතා තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කොට ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි. අනිද්දා ( 4 දා ) පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් පසු ඒ මහතා ඉල්ලා අස්වීමට සැලසුම් කොට ඇති බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් ප්‍රකාශ කරයි. මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර අවස්ථා කිහිපයක දී ම ඉල්ලා අස්වීමට තීරණය කළ…

පොහොට්ටුව සුදු කොඩි ඔසවයි; විස්වාස භංගයට පෙර අලුත් ආණ්ඩුවක් !

පාර්ලිමේන්තුවට විස්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කොට සම්මත කිරීමට ඉඩ නොතබා නව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කිරීමට වත්මන් ආණ්ඩු පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කොට ඇති බව වාර්තා වෙයි. එම කටයුතු ඉදිරි දින කිහිපය තුළ අවසන් කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට ද එම පක්ෂය තීරණය කොට ඇති බව කියති. හෙට දිනය තුළ ඒ පිලිබඳ නිල දැනුම්දීම්…

බවුසර් හිමියෝ වර්ජනය අතහරිති, ඉන්ධන බෙදීම අද ම අරබයි

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය දින දෙකක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කළ බව එම සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා මහතා අද (2) පස්වරුවේ පැවසීය. ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදී සිය ඉල්ලීම්වලින් සියයට 90 ක් පමණ ලැබුණු බව කී ශාන්ත සිල්වා මහතා අද පස්වරුවේ සිට නැවත ඉන්ධන ප්‍රවාහන ආරම්භ…

අන්තර් වාර අගමැතිකමට සුදුස්සා ඩලස් ; අගමැති මහින්ද ඉවත් වෙන්න ලෑස්තියි – ඩිලාන් පෙරේරා

  අන්තර් වාර පාලනයක අගමැති තනතුරට සුදුසු තැනැත්තා ඩලස් අලහප්පෙරුම මහතා බවත්, නව ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය එකඟතා ඇති කරගත් විට තනතුරින් ඉවත්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සුදානමින් සිටින බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි. මැතිවරණයේ දී වැඩි ම ඡන්ද හිමි වුයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නිසා අගමැති…

අන්තර් වාර පාලනයත් පොහොට්ටුවෙන් ; මහින්ද ඉවත් කරයි !

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ වත්මන් ආණ්ඩුව ඉවත්කොට පාර්ලිමේන්තුවේ වෙනත් පක්ෂ සම්බන්ධ කර ගනිමින් අන්තර් වාර පාලනයක් පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ වී ඇති බව වාර්තා වෙයි. ආණ්ඩුවෙන් ඉවත් වූ පක්ෂ 11 සහ අනෙක් කණ්ඩායම සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද පැවති සාකච්ඡාවක දී මෙම එකඟතාව ඇති වී තිබේ. ජනාධිපති බලය සීමා කෙරෙන…

අරගලයේ හෙට දවස – නිශාන්ත කමලදාස

මේ ගෙවී යන්නේ ලංකා ඉතිහාසයේ අතිශය දරුණු වූත් අතිශය සුන්දර වූත් මොහොතකි. එක ම මොහොතක පරස්පරයන් දෙකක් එකට එතී තිබීම එහි ඇති සුවිශේෂත්වයයි. පසුගිය සති කීපය තුළ ම ලියන්නට සිතක් ඇති වූයේ නැත. ඒ වචන පිටුපසට දමමින් ක්‍රියාව ඉදිරියට පැමිණ ඇති නිසා ය. අප වචනයෙන් පසුගිය වසර ගණනාවක් පුරා ම ලියමින් කියූ දෑ අද දවසේ…

ප්‍රශ්නයට උත්තරය මහ මැතිවරණයක් ! – අනුර කේ එදිරිසූරිය 

  ගෝඨා ගෝ ගමේ අරගලය මේ වන විට ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ල කරමින් ඉදිරියට ගමන් කරමින්  තිබේ. ඒ අරගලයේ විශේෂතාවක් වන්නේ මෙතෙක් පැවැති , දේශපාලන පක්ෂ විසින් ජනතාව මෙහෙයවීමේ ක්‍රමය වෙනුවට ජනතාව සිටින තැනට දේශපාලනය කැඳවීමට එම අරගලය සමත්ව තිබීමය.  සෙළවිය නොහැකි බලයක් ලෙස එතෙක් පෙනුණු රාජපක්ෂ ආණ්ඩුව  කෙතරම් බෙල හීන ද දුර්වල ද යන්න…

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා දින කිහිපයකින් ආණ්ඩුවක් හදනවා – දොස්තර රාජිත සේනාරත්න

    ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවක් පිහිටුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය. තමන් මාස ගණනාවක් කල් නොඉල්ලන බවත්, සති ගණනක් ද අවශ්‍ය නැති බවත්, කී සේනාරත්න මහතා අවශ්‍ය වන්නේ දින ගණනාවක් බව ද කී ය. මැයි රැළියෙන්…

|

අපට ජනාධිපතිකමත් අගමැතිකමත් දෙක ම ඕනෑ – ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා

තම පක්ෂයේ රජයක් අනිවාර්යයෙන් පැමිණිය යුතු බවත්, තම පක්ෂයට ජනාධිපතිකමත්, අගමැති කමත් දෙක ම අවශ්‍ය බවත්, සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද එම පක්ෂයේ මැයි දිනය අමතා ප්‍රකාශ කළේය. අන්තර් වාර ආණ්ඩුවකට තමන් සුදානම් නැති බව කී ඒ මහතා අන්තර් පාලනයකට කතා කරන්නේ ආණ්ඩුවේ සිට සොරා කෑ පිරිසක් බව ද පැවසීය….

ආණ්ඩුවේ ජනවරම දැන් අහෝසියි – රනිල්

ආණ්ඩුවට 2019 ජනාධිපතිවරණයේදී ලැබුණු වරමත් 2020 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබුණු වරමත් දැන් අහෝසි වී ගොස් ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද ප්‍රකාශ කළේය. ආණ්ඩුව ඇතුළේ මෙන් ම සහෝදරයින් අතර ද දැන් ගැටුම් හටගෙන ඇති බව ද වික්‍රමසිංහ මහතා පැවසීය. එමෙන් ම, පරණ දේශපාලනයෙන් මිදී අලුත් ගමන වෙනුවෙන් සියලු දෙනා එක්ව සටන්…

ආණ්ඩු කරන්න සුදානම් නැහැ – සජිත්

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉන්නේ රාජපක්ෂලාගේ ආණ්ඩුවට සම්බන්ධ හොරු බවත්, ඔවුන් සමග එක්ව ආණ්ඩු කිරීමට තමන් සුදානම් නැති බවත්, සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. කුමන බලපෑම් එල්ල වුවත් හොරු සමග එක්ව ආණ්ඩු නොකරන බව ද ඒ මහතා කියයි. අද නිදහස් චතුරශ්‍රයේ පැවති සමගි ජන බලවේගයේ මැයි රැලිය අමතා ඒ මහතා…