ආණ්ඩු කරන්න සුදානම් නැහැ – සජිත්

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉන්නේ රාජපක්ෂලාගේ ආණ්ඩුවට සම්බන්ධ හොරු බවත්, ඔවුන් සමග එක්ව ආණ්ඩු කිරීමට තමන් සුදානම් නැති බවත්, සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
කුමන බලපෑම් එල්ල වුවත් හොරු සමග එක්ව ආණ්ඩු නොකරන බව ද ඒ මහතා කියයි.
අද නිදහස් චතුරශ්‍රයේ පැවති සමගි ජන බලවේගයේ මැයි රැලිය අමතා ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
මෙවර මැයි දින රැළිය අමතා සජිත් ප්‍රේමදාස මහතා කතා කළ අතර පෙරමුණේ අනෙක් පක්ෂවල කිසිවකුට කතා ලබා නොදීම කැපී පෙනෙන සිදුවීමක් වීය. කථිකයින් තේරීම ගැන ගැටුම් ඇති වූ බව ද වාර්තා වී ය.
පක්ෂයේ වෙනත් නායකයින් කිසිවකුට වේදිකාවේ ආසන පනවා නොතිබිණි.
