ආණ්ඩුවේ ජනවරම දැන් අහෝසියි – රනිල්

ආණ්ඩුවට 2019 ජනාධිපතිවරණයේදී ලැබුණු වරමත් 2020 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබුණු වරමත් දැන් අහෝසි වී ගොස් ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද ප්‍රකාශ කළේය.

ආණ්ඩුව ඇතුළේ මෙන් ම සහෝදරයින් අතර ද දැන් ගැටුම් හටගෙන ඇති බව ද වික්‍රමසිංහ මහතා පැවසීය. එමෙන් ම, පරණ දේශපාලනයෙන් මිදී අලුත් ගමන වෙනුවෙන් සියලු දෙනා එක්ව සටන් කළ යුතුව ඇතැයි ද හිටපු අග්‍රාමාත්‍යවරයා කීය. රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ ජාතික සේවක සංගමය සංවිධාන කළ මැයිදින රැලියට සහභාගී වෙමිනි.

ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හරි තීරණ ගත්තොත් 2023 වසර අවසන් වීමට පෙර ලංකා ආර්ථිකය ස්ථාවර කරන්නට හැකි බව ද වික්‍රමසිංහ මහතා එහි දී සඳහන් කළේය.

අද මෙරට තරුණයන්ගේ පමණක් නොව සියලුම දෙනාගේ අනාගතය නැති වී තිබෙන අතර දැන් ශ්‍රී ලංකාව අරාජික වී හැමතැනම උද්ඝෝෂණ තිබෙන බවත් අද තිබෙන්නේ “ගෝඨා ගෙදරයන්න, රාජපක්ෂවරු ගෙදර යන සටන් පාඨ දෙක පමණක් බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා කීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *