|

අපට ජනාධිපතිකමත් අගමැතිකමත් දෙක ම ඕනෑ – ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා

තම පක්ෂයේ රජයක් අනිවාර්යයෙන් පැමිණිය යුතු බවත්, තම පක්ෂයට ජනාධිපතිකමත්, අගමැති කමත් දෙක ම අවශ්‍ය බවත්, සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද එම පක්ෂයේ මැයි දිනය අමතා ප්‍රකාශ කළේය.

අන්තර් වාර ආණ්ඩුවකට තමන් සුදානම් නැති බව කී ඒ මහතා අන්තර් පාලනයකට කතා කරන්නේ ආණ්ඩුවේ සිට සොරා කෑ පිරිසක් බව ද පැවසීය.

සොරුන් අල්ලන ලෙස තමන්ගෙන් ජනතාව ඉල්ලා සිටින බව කී ෆොන්සේකා මහතා එය අනිවාර්යයෙන් ම සිදුකරන බව ද කී ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *