පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා දින කිහිපයකින් ආණ්ඩුවක් හදනවා – දොස්තර රාජිත සේනාරත්න

ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවක් පිහිටුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
තමන් මාස ගණනාවක් කල් නොඉල්ලන බවත්, සති ගණනක් ද අවශ්‍ය නැති බවත්, කී සේනාරත්න මහතා අවශ්‍ය වන්නේ දින ගණනාවක් බව ද කී ය.
මැයි රැළියෙන් පටන් ගත් ගමන අවසන් කරන්නේ ආණ්ඩුවක් පිහිටුවීමෙන් බව ඒ මහතා කීවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ අද පැවති සමගි ජන බලවේගයේ මැයි රැළිය අමතා කතා කරමිණි.
