ප්‍රශ්නයට උත්තරය මහ මැතිවරණයක් ! – අනුර කේ එදිරිසූරිය 

ගෝඨා ගෝ ගමේ අරගලය මේ වන විට ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ල කරමින් ඉදිරියට ගමන් කරමින්  තිබේ. ඒ අරගලයේ විශේෂතාවක් වන්නේ මෙතෙක් පැවැති , දේශපාලන පක්ෂ විසින් ජනතාව මෙහෙයවීමේ ක්‍රමය වෙනුවට ජනතාව සිටින තැනට දේශපාලනය කැඳවීමට එම අරගලය සමත්ව තිබීමය.  සෙළවිය නොහැකි බලයක් ලෙස එතෙක් පෙනුණු රාජපක්ෂ ආණ්ඩුව  කෙතරම් බෙල හීන ද දුර්වල ද යන්න ජනතාවට පැහැදිලි කරන්නට ද එයට හැකි වී තිබේ. කිසිදා වෙනස් නොවනු ඇතැයි ඇතැමුන් සිතූ බැසිල් රාජපක්ෂගේ මුදල් අමාත්‍ය ධූරය ඉවත් කරන්නට ජනාධිපතිවරයාට සිදු වීමත් නාමමාත්‍රිකව හෝ ඔහු දේශපාලනයෙන් පසෙක⁣ට කර තබන්නට ආණ්ඩුවට  සිදු වීමත් අරගලකරුවන්ගේ ජයග්‍රහණයකි. කැබිනට් මණ්ඩලය වෙනස් කිරීමට ආණ්ඩුවට සිදු වීම අරගලකරුවනට සාකච්ඡා සඳහා ඇරයුම් කරන්නට ආණ්ඩුවටත් ජනාධිපතිවරයාටත් සිදුවීම අරගලයේ ප්‍රතිඵල ලෙස පවතී. පවතින තත්ත්වය අනුව ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට කෙටි කාලයක් තුළ බලයෙන් බැස යන්නට සිදුවනු ඇති බවට සැකයක් නැත.

ජනතාව කියන්නේ රාජපක්ෂවරුන් බලයෙන් ඉවත් විය යුතුය යන්නය. ඊට අමතරව ඔවුහු පාර්ලිමේන්තුවේ 225 ම ඉවත් විය යුතු බවද අවධාරණය කරති. 225ම එපා යනු මැතිවරණයකින් අලුත් නියෝජිතයන් පිරිසක් තෝරා ගැනීමට ජනතාවට ඉඩ සලසා වත්මන් පාර්ලිමේන්තුව ඉවත් විය යුතුය යන්නය. ඒ අතරවාරයේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ සාකච්ඡාවක් ද අලුත් වටයකින් කරළියට පැමිණ තිබේ. මෙවර අන්තර් වාර ආණ්ඩුවේ කසකාරයන් බවට පත් ව ඇත්තේ, මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ශ්‍රීලනිප කණ්ඩායම ඇතුළු ස්වාධීන වූ බව කියන කණ්ඩායමය.

දැනට ප්‍රකාශිත කරුණු අනුව අන්තර් වාර ආණ්ඩුව ගොඩනැඟෙනු ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ රඳවා ගනිමිනි. අන්තර් වාර ආණ්ඩුව වෙනුවෙන් අදහස් දක්වන්නන් කියන ආකාරයට 19 සංශෝධනයට ආපසු යාම වැනි පියවරක් ඔස්සේ ජනාධිපතිවරයාගේ බලය සීමා කෙරෙනු ඇති නමුත් ජනාධිපතිවරයා ඉවත් වීමක් අන්තර් වාර ආණ්ඩුව තුළ සිදු වන්නේ නැත.

ජනතා මතය ගෝඨා ගෝ හෝම් යන්න වන කල ගෝඨාභය මහතා සහිත පාලනයකින් ජනතාවගේ අභිලාෂය ඉටු වන්නේ නැත. අන්තර් වාර ආණ්ඩු යෝජනාව අනුව එය සමන්විත වන්නේ දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමෙනි. ජනතාව කියන්නේ 225 ම එපා කියාය. ඒ අනුව ගත් කලද අන්තර් වාර ආණ්ඩුවක් ජනතා අභිලාෂයට පටහැනිය.

අන්තර් වාර ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින පිරිසට පවා එම ආණ්ඩුවේ සංයුතිය පිළිබඳ එකඟතාවක් නැති බව ද පෙනේ. ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡාවේ දී අගමැති ඉවත් කරන්නට ජනපති එකඟ වූ බව මෛත්‍රී කියන විට වාසු කියන්නේ එවැන්නක් සාකච්ඡා නොවු බවය.

අන්තර් වාර ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින පිරිස ගේ අදහස ජනාධිපතිවරයා ඉවත් වීම ⁣මගින් වෙනත් ගැටලු පැන නැඟිය හැකිය යන්නය. නිදසුනක් ලෙස, ජනාධිපතිවරයා ඉවත් වූ විට ජනාධිපතිවරයකු පත්කිරීමේ බලය පාර්ලිමේන්තුවට ලැබෙන බැවින් වෙනත් රාජපක්ෂවරයකු ජනාධිපති ධූරයට පත්වීමේ හැකියාවක් පවතින බව ඔවුහු කියති.

ගැටලුව පවතින්නේ වත්මන් ව්‍යවස්ථාව තුළය. පවතින තත්ත්වය තුළ අන්තර් වාර පාලනයකදී ජනාධිපතිවරයාගේ බලතල සීමා කිරීමකට යන්නේ නම් ඒ සඳහාද ව්‍යවස්ථා වෙනසක් අවශ්‍ය වේ. වත්මන් ව්‍යවස්ථාව යනු 20 වතාවක් සංශෝධනයට ලක් කර එහෙත් ජනතා අභිලාෂ ඉටු කළ නොහැකි පරඬැල් ලියවිල්ලකි. වසර 43 ක් තුළ එයට 20 වතාවක් පැලැස්තර දමා ති⁣බුණ ද රටට යහපතක් සිදුව නැත. ව්‍යවස්ථාව ⁣අසාර්ථක බව තේරුම් ගන්නට සංශෝධන සංඛ්‍යාව වුව ප්‍රමාණවත්ය. පවතින ව්‍යවස්ථාව මගින් හෝ එයට අණ්ඩ දැමීම මගින් හෝ මහපාරේ පුපුරන ගැටලුවට විසඳුම් සෙවිය නොහැකි බව ද  පැහැදිලිය. මේ ව්‍යවස්ථාව යනු සම්මත කළ මොහොතේ පටන්ම බොහෝ අයගේ විවේචනයට සහ විරෝධයට ලක්වූ ලියැවිල්ලකි. මේ ව්‍යවස්ථාව වහාම වෙනස් විය යුතුය යනු 1978 සිටම කෙරෙන ජනතා ඉල්ලීමකි. මෙවර වැඩි ජවයකින් යුතුව එම ඉල්ලීම ඉදිරිපත්ව තිබේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් කතා කරන නමුත් ආණ්ඩුවට ඒ සඳහා අවංක වුවමනාවක් පවතී ද යන්න ද සැක සහිතය. නිදසුනක් ලෙස පසුගිය දා භික්ෂූන්  මූලිකව කෙරුණු සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ සාකච්ඡාවට පොහොට්ටුවේ නියෝජනයක් තිබුණේ නැත. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ සාකච්ඡා අතරතුර ශ්‍රීලනිප සාමාජිකයන් ඇමැති තනතුරු වල පිහිටුවීම වැනි ක්‍රියාවලින් පෙන්නුම් කරන්නේ ද සර්ව පාක්ෂික නොවන ආකාරයට සිය බලය තහවුරු කර ගැනීමට ආණ්ඩුව වැඩි කැමැත්තක් දක්වන බවය. එනම් ආණ්ඩුව බලය අතහැරීමට සූදානම් නැති බවය. සර්ව පාක්ෂික අන්තර් වාර වැනි යෝජනා ගෙනෙන්නන් තාවකාලිකව හෝ ගැටලුවට විසඳුම් සෙවීමට ගන්නා උත්සාහයට ද ආණ්ඩුව සහයෝගය දීම වෙනුවට බාධා කරන පිළිවෙතක් අනුගමනය කරන්නේද යන සැකය ඒ අනුව මතුවේ. විපක්ෂයේ යෝජනාවලට හිස නමන බවක් පෙන්වමින් ආණ්ඩුව බලය තහවුරු කර ගැනීමට උත්සාහ  ගනිමින් ඉන්නවා වන්නට ද පුළුවන.  සඟ සමුළුව වැනි සාකච්ඡා මඟහරිමින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කිරීම කාරිය කෙරෙන තැනට නොව නොකෙරෙන තැනට කටයුතු කිරීමකි.

පක්ෂවල , මහජන නියෝජිතයන් ගේ වත්කම් විගණනයට ලක් කිරීම වැනි මහජන ඉල්ලීම් වලට එකඟ වීමේ හැකියාව වත්මන් පාර්ලිමේන්තුවේ නියෝජිතයන් අති බහුතරයකට නැති බව සත්‍යයකි.පවතින ව්‍යවස්ථා රාමුව ඉක්මවා යන විසඳුමකට ඔවුන් අකමැති වන්නේද තමන්ගේ කිල්ලෝට වල හුණු තිබෙන බව  දන්නා නිසාය. පවතින ව්‍යවස්ථා රාමුව තුළ උද්ඝෝෂණ කරන මහ ජනතාව අපේක්ෂා කරන ආක⁣රයෙන් ගැටලුව විසඳා ගත නොහැකිය. මහජනතාව ඉල්ලන ආකාරයේ විසඳුමකට වත්මන් පාර්ලිමේන්තුවේ සහය අපේක්ෂා කරන්නට ද පුළුවන්කමක් නැත. යහපාලන සමයේ පක්ෂ මාරුව නවතන්නට කෙරුණු යෝජනා , විගණන පනත,  විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ආදිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හැසිරුණු ආකාරය අනුව ඒ බව ප්‍රත්‍යක්ෂය.

කවුරු කුමක් කීවද ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තුවත් ඉවත්ව හෝ ජනාධිපතිවරයා සිටියදී ම වුව මහ මැතිවරණයකට යාම මිස පවතින ගැටලුවට වෙනත් ප්‍රායෝගික විසඳුමක් මේ මොහොතේ නැත.මහ මැතිවරණයකට යාමට ව්‍යවස්ථාවේ කාල රාමු පිළිබඳ ගැටලු පවතින බව යමකු කියන්නේ නම් සහ ගැටලුව විසඳන්නට පාර්ලිමේන්තුවට අවංක අවශ්‍යතාවක් පවතීනම් යෝජනා සම්මතයකින් පාර්ලිමේන්තුවට ඊට ඉඩ සලසා ගත හැකිය. ඒ සඳහා අවශ්‍ය නම් විශ්වාස භංගය වෙනුවට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවකට යා හැකිය. ආණ්ඩුව සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුය යන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට විශ්වාස භංග යෝජනාවකට වඩා පහසුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවකට පක්ෂ වන්නටද හැකි වනු ඇත. එ වැනි යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජනතාවාදී බව පරීක්ෂා කෙරෙන ලිට්මස් පරීක්ෂණයක් වනවා ද ඇත. පාර්ලිමේන්තුව අලුත් වුව ජනාධිපති හෝ විධායක බලතල හෝ වෙනස් නොවන බවටද තර්කයක් තිබේ. එය ද සත්‍ය වන නමුත් , අලුතින් පත්වන පාර්ලිමේන්තුව මඟින් ජනාධිපති ධූරය ඉවත් කිරීම හෝ බලතල අඩු කිරීම හෝ තීරණය කළ හැකිය. ජනාධිපති වැය ශීර්ෂය කපා හැරීම වැනි උපක්‍රම ද පාර්ලිමේන්තුව සතු බැවින් විධායකය ගැන ස්ථිර තීන්දුවකට පැමිණෙන තෙක් ජනාධිපති හීලෑ කිරීමේ හැකියාවද පාර්ලිමේන්තුවට තිබේ.

 විශ්වාස භංගය වෙනුවට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවකට යා හැකිය. ආණ්ඩුව සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුය යන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට විශ්වාස භංග යෝජනාවකට වඩා පහසුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවකට පක්ෂ වන්නටද හැකි වනු ඇත. එ වැනි යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජනතාවාදී බව පරීක්ෂා කෙරෙන ලිට්මස් පරීක්ෂණයක් වනවා ද ඇත. පාර්ලිමේන්තුව අලුත් වුව ජනාධිපති හෝ විධායක බලතල හෝ වෙනස් නොවන බවටද තර්කයක් තිබේ. එය ද සත්‍ය වන නමුත් , අලුතින් පත්වන පාර්ලිමේන්තුව මඟින් ජනාධිපති ධූරය ඉවත් කිරීම හෝ බලතල අඩු කිරීම හෝ තීරණය කළ හැකිය. ජනාධිපති වැය ශීර්ෂය කපා හැරීම වැනි උපක්‍රම ද පාර්ලිමේන්තුව සතු බැවින් විධායකය ගැන ස්ථිර තීන්දුවකට පැමිණෙන තෙක් ජනාධිපති හීලෑ කිරීමේ හැකියාවද පාර්ලිමේන්තුවට තිබේ.    

අනුර කේ එදිරිසූරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *