බදාදා පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවට එරෙහි ඡන්දයක්

 

බදාදා, 4 දා රැස්වන පාර්ලිමේන්තුවේ පළමු සැසිය තුළ දී ම ඡන්දයක් ලබාගෙන ආණ්ඩුව පරාජය කිරීමට විපක්ෂ කණ්ඩායම් සැලසුම් කොට තිබේ.

නියෝජ්‍ය කතානායක වරයකු තෝරාගැනීමේ ඡන්දය ලබාගෙන එහි දී ආණ්ඩුව පරාජය කිරීම විපක්ෂයේ සහ ආණ්ඩුවෙන් ස්වාධින වූ කණ්ඩායමේ බලාපොරොත්තුව වී තිබේ.

පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට බහුතරය නැති බව පෙන්වීම මෙහි ප්‍රධාන අරමුණ බව කියති.

හිටපු නියෝජ්‍ය කතානායක රන්ජිත් සියඹලාපිටිය මහතා පසුගියදා ඉල්ලා අස් වූ අතර හෙට සිට එම ධුරය පුරප්පාඩු වී පවතියි.

එම තනතුරට මන්ත්‍රීවරයකු පත් කර ගැනීම ලබන පාර්ලිමේන්තුවේ පළමු කටයුත්ත ලෙස සිදුකළ යුතු වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *