ජනාධිපතිට එරෙහි විශ්වාස භංගයට විපක්ෂය එකට

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතාට එරෙහිව දෙමළ ජාතික සන්ධානයේ එම් ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා කෙටුම්පත් කොට ඉදිරිපත් කරන විශ්වාස භංග යෝජනාවට සහය දීමට විපක්ෂයේ සියලු පක්ෂ ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි.

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එයට සහය දෙන බව මේ වන විටත් ප්‍රකාශ කොට තිබේ.

පොදුජන පෙරමුණේ මන්ත්‍රී පිරිසක් ද එයට සහය තම සහය ප්‍රකාශ කොට ඇති බව විපක්ෂ ආරංචි මාර්ග කියයි.

ජනාධිපති ඉවත්කිරීමේ දෝෂාභියෝග ක්‍රියාවලිය සංකීර්ණ බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උපයෝගී කොටගෙන මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *