ආණ්ඩුවටත්, විපක්ෂයටත් ගැලවීමක් නැති දේශපාලන අර්බුදය – සී ජේ අමරතුංග

සතිය ආරම්භ වුයේ ආණ්ඩුව බිත්තියට හේත්තු කොට ඇති තත්ත්වයක සිටිය දී ය. බරපතළ තීන්දු නොගෙන රටට තවත් ඉදිරියට යා නොහැකි බව පැහැදිලිව පෙනෙන්නට තිබිණී. ආණ්ඩුව අභ්‍යන්තරයෙන් මෙන් ම බැහැරින් ද ඒ සඳහා වන තෙරපුම ඉහළ ම තත්ත්වයට පත්ව තිබිණි.
ජනාධිපති ඉවත්විය යුතු බවට ගෝල්ෆේස් පිටියේ උද්ඝෝෂණය කරන ‘ගෝහෝම්ගෝටා’ විරෝධතා ව්‍යාපාරය දිගටම ක්‍රියාත්මක වෙමින් පැවතියේ දිනපතා තව තවත් පිරිස්වල සහය හිමිවන තත්ත්වයක් යටතේ ය. එයට සමගාමීව රට පුරා උද්ඝෝෂණ සංවිධානය වෙමින් පවතියි. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය 24 දා, ඉරිදා සංවිධානය කොට තිබු විරෝධතාව ඒ අතරින් ප්‍රබල තත්ත්වයක වී ය. එදින කොළඹ ගෝල්ෆේස් අවට මාර්ග අවහිර කිරීමට පොලිසිය ක්‍රියා කොට තිබු අතර අවසානයේ එම විරෝධතාවය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවෙස වෙත යොමු වූ දැවැන්ත විරෝධතාවයක් බවට පත් වී ය.
පසුව අරලියගහ මන්දිරය ද විරෝධතාවයේ ඉලක්කයක් බවට පත් වුයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස කෙරෙන බලකිරීම් නොතකා දිගට ම බලයේ සිටින්නට උත්සහ දැරීම නිසා ය.
මහජනයාගේ බලවත් ම විරෝධය එල්ල වුයේ අගමැතිවරයාට නොව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ය. රටේ බොහෝ ප්රශ්නවල නිර්මාණ කරුවා ලෙස රට හඳුනා ගත්තේ ජනාධිපති ය. එය විශේෂයෙන් කැපී පෙනුණේ එක රැයකින් රසායනික පොහොර තහනම් කොට කෘෂිකර්මයේ විශාල විනාශයකට මග පැදීම නිසා ය.
එමෙන් ම මහ බැංකු අධිපති තනතුරට මුලින් මහාචාර්ය ලක්ෂ්මන් මහතා පත්කොට හිතුමතේ මුදල් නෝට්ටු මුද්‍රණයට ඉඩ දීම සහ ඩොලරයේ අගය කෘතීම ලෙස පාලනය කිරීමත්, පසුව මහ බැංකු අධිපති ලෙස පත්කළ නිවාඩ් කබ්රාල් මහතාට හිතුමතේ තීරණ ගන්නට දීමෙන් විශාල විනිමය අර්බුදයකට ඉඩ සැලසීමත් මහජන විරෝධයට ආසන්න කරුණු ලෙස පෙනෙන්නට තිබේ.
ජනාධිපතිතුමා සහ ඔහුගේ කිට්ටුවන්තයින්ගේ ක්‍රියා නිසා නිර්මානය වූ ආර්ථික අර්බුදය රටට ම දරුණු ලෙස බලපා ඇති අතර දැන් එය දේශපාලන අර්බුදයක් බවට පත්ව ඇත. එයින් අර්බුදයට ගොස් ඇත්තේ ආණ්ඩුව පමණක් නොවේ. සියලු පක්ෂවල බල ව්‍යාපෘති ද අර්බුදයට ලක්ව ඇත. එමෙන් ම, ඇතැම් පුද්ගලයින්ට තම තමන් සඳහා අනාගත බල ව්‍යාපෘති වී නම් ඒ සියල්ල ද අර්බුදයට ගොස් ඇත. ගෝඨාගේ මෙන් ම බැසිල් රාජපක්ෂගේත්, නාමල් රාජපක්ෂ්ගේත් බල ව්‍යාපෘති අවුලට ගොස් ඇති බව පැහැදිලි ය.
ජනාධිපතිතුමා සහ ඔහුගේ කිට්ටුවන්තයින්ගේ ක්‍රියා නිසා නිර්මානය වූ ආර්ථික අර්බුදය රටට ම දරුණු ලෙස බලපා ඇති අතර දැන් එය දේශපාලන අර්බුදයක් බවට පත්ව ඇත. එයින් අර්බුදයට ගොස් ඇත්තේ ආණ්ඩුව පමණක් නොවේ. සියලු පක්ෂවල බල ව්‍යාපෘති ද අර්බුදයට ලක්ව ඇත. එමෙන් ම, ඇතැම් පුද්ගලයින්ට තම තමන් සඳහා අනාගත බල ව්‍යාපෘති වී නම් ඒ සියල්ල ද අර්බුදයට ගොස් ඇත. ගෝඨාගේ මෙන් ම බැසිල් රාජපක්ෂගේත්, නාමල් රාජපක්ෂ්ගේත් බල ව්‍යාපෘති අවුලට ගොස් ඇති බව පැහැදිලි ය.
විපක්ෂයේ තත්ත්වය ද එලෙස ම අර්බුදයට ලක්ව ඇත. සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මෙන් ම, ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ද සිය දේශපාලන ව්‍යාපෘති මෙහෙයවමින් සිටියේ දිනෙන් දින ඉහළ යමින් පැවති ආණ්ඩු විරෝධයෙන් ආනාගත ජනාධිපතිවරණය ජය ගන්නට ය. ඊට අමතරව තවත් අය ජනාධිපති අපේක්‍ෂකත්වට ඇස ගසාගෙන සිටි බව පෙනෙන්නට තිබිණි. ඒ සියලු ව්‍යාපෘති අර්බුදයට ගොස් ඇත්තේ විධායක ජනාධිපති ක්රමයේ පැවැත්ම පවා දැන් අවිනිශ්චිත වී ඇති බැවිණි.
සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මෙන් ම, ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ද සිය දේශපාලන ව්‍යාපෘති මෙහෙයවමින් සිටියේ දිනෙන් දින ඉහළ යමින් පැවති ආණ්ඩු විරෝධයෙන් ආනාගත ජනාධිපතිවරණය ජය ගන්නට ය. ඊට අමතරව තවත් අය ජනාධිපති අපේක්‍ෂකත්වට ඇස ගසාගෙන සිටි බව පෙනෙන්නට තිබිණි. ඒ සියලු ව්‍යාපෘති අර්බුදයට ගොස් ඇත්තේ විධායක ජනාධිපති ක්රමයේ පැවැත්ම පවා දැන් අවිනිශ්චිත වී ඇති බැවිණි.
මේ මොහොතේ දේශපාලන පක්ෂවල, පුද්ගලයන්ගේ මෙන් ම බලවේගවල ද ක්‍රියාකාරීත්වය අපට තේරුම් ගත හැකි වන්නේ දේශපාලන අර්බුදයේ මෙම වර්ධනය ද තේරුම් ගනිමිනි. සියලු දෙනාට අර්බුදයට ප්‍රතිචාර දක්වන්නට සිදුව තිබේ. දේශපාලකයන් එය කරන්නේ තම දේශපාලන බල ව්‍යාපෘති ආරක්ෂා කර ගැනීමට සහ වර්ධනය කර ගැනීමට ප්‍රමුඛතාවය ලබා දෙමිණි. දේශපාලනයේ කෙරෙන කතා සහ ක්‍රියා මගින් පෙන්නුම් කරන්නේ එම තත්ත්වය යි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ප්‍රශ්නයට මුහුණ දෙමින් සිටින්නේ අන් සියල්ල කැප කර හෝ තම බලය රැක ගැනීමේ ආකල්පයකින් බව පෙනෙන්නට තිබේ. රාජපක්ෂ පවුලේ උදවිය, තම දේශපාලන කිට්ටුවන්තයින් මෙන් ම ප්‍රතිපත්ති ද ඒ වෙනුවෙන් කැප කරන්නට ජනාධිපති සුදානම් බව පෙන්නුම් කොට ඇත.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ප්‍රශ්නයට මුහුණ දෙමින් සිටින්නේ අන් සියල්ල කැප කර හෝ තම බලය රැක ගැනීමේ ආකල්පයකින් බව පෙනෙන්නට තිබේ. රාජපක්ෂ පවුලේ උදවිය, තම දේශපාලන කිට්ටුවන්තයින් මෙන් ම ප්‍රතිපත්ති ද ඒ වෙනුවෙන් කැප කරන්නට ජනාධිපති සුදානම් බව පෙන්නුම් කොට ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දක්වා විවිධ තනතුරුවලට පත් කොට අස් කළ පිරිස අති විශාල සංඛ්‍යාවකි. කෙසේ වෙතත්, පී බී ජයසුන්දර මහතා සහ අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉවත් කිරීම කැපී පෙනෙන සිදුවීම් ය.
බැසිල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ උදවිය මේ වන විට ඉවත් කර අවසන් ය. දැන් යවන්නට තිබෙන්නේ අගමැති මහින්ද රාජපක්ෂ යි. එයට ද ඔහු සුදානම් ය. ඔහුගේ ඇරයුමෙන් ඉරිදා රාත්‍රියේ ජනාධිපති මන්දිරයේ රැස්වීමක් පැවතියේ ඒ සඳහා ය. එහිදී මහින්ද යා යුතු බව ජනාධිපති යෝජනා කළේය. චමල් කීවේ මහින්දට ගෞරවනීය සමු ගැනීමක් ලබා දිය යුතු බව යි. පාර්ලිමේන්තුවේ බහුතරය කවුරුන් හෝ පෙන්වන තෙක් නොයන්නට යෝජනා කළේ බැසිල් ය. අන්තිමේ තීරණය වුයේ ඒ අනුව කටයුතු කරන්නට ය.
මහින්ද රාජපක්ෂ මහතාගේ පෙර වැරදි බොහොමයක් ඇතත්, මෑතකාලීන ආර්ථික දේශපාලන තීරණ සම්බන්ධයෙන් එතුමාට ඇති වගකීම සීමා සහිතය. ගෝඨාභය ජනාධිපති කිරීමේ වරදට ඔහු වරද කරු විය හැකිය. විසිවැනි සංශෝධනයට ඉඩ ලබාදීම ගැන ද වරද පැටවිය හැකි ය. එසේ වුව ද විස්ස සම්මත වූ පසු මහින්ද බල රහිත කොට පසෙකට කොට තිබිණි. දැන් වරදේ පළමු විත්තිකරු වෙනුවෙන් බිල්ලට යන්නට මහින්දට සිදු වී තිබේ. අර්බුදය මහින්ද වෙත කැරකී ඇත්තේ ඒ ආකාරයෙනි.
දේශපාලනයේ දී ඔහුගේ ඉතා ම කිට්ටු වන්තයින් ලෙස සලකණු ලබන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල දෙදෙනා පසුගිය දා මහින්ද රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡා කළේ ය. ඔවුන් දෙදෙනා අගමැතිතුමා හමු වී කීවේ එතුමා ඉල්ලා අස් විය යුතු බව යි.
ආණ්ඩුවෙන් ඉවත් වූ විමල්, ගම්මන්පිල කණ්ඩායමට සම්බන්ධ ආරංචි මාර්ග කියන්නේ මෙහි ඇත්තේ උපාය මාර්ග තෝරා ගැනීමේ ප්‍රශ්නයක් බව යි.
ගෝඨාභය ජනාධිපති විරෝධතා හමුවේ ඉවත් නොවන්නේ නම් ඉවත් කිරීම පහසු නැත. දෝෂාභියෝගයකින් ජනාධිපති ඉවත්කිරීම කල් ගත වන වැඩකි . දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මහතා කියා ඇත්තේ ඒ සඳහා අඩු තරමින් වසරක කාලයක් අවශ්‍ය බවයි. එමෙන් ම ඒ සඳහා පාර්ලිමෙන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් ද අවශ්‍ය වෙයි. එය මේ මොහොතේ යථාර්ථය නොවේ.
මේ නිසා දෙවැනි උපායමාර්ගයක් තේරීමට ආණ්ඩුවෙන් ඉවත් වූ පිරිසට සිදුව තිබේ . එය නම් 19 වැනි සංශෝධනය නැවත ක්‍රියාත්මක කොට ජනාධිපති බලය සීමා කොට සර්ව පාක්ෂික ආණ්ඩුවකට යාමයි.
එලෙස සිදු කළ ද ජනාධිපතිට යම් බලයක් හිමිවෙයි. අනෙක් අතට පාර්ලිමේන්තුවේ වැඩි බලය පොදුජන පෙරමුණට හිමි ය. එය මෙහෙයවන්නේ බැසිල් රාජපක්ෂ යි. එබඳු තත්ත්වයක් තුළ බැසිල්ට , ගෝඨාභයට යට නොවන සහ ඔවුන් සමග හැප්පීමේ හැකියාව ඇති අගමැතිවරයකු අවශ්‍ය වෙයි. පවුලේ සබදතා නිසා මහින්ද ට එය කරන්නට බැරි ය. විමල් , උදය කණ්ඩායම මහින්දට යන්න කියන්නේ ඒකය.
එලෙස සිදු කළ ද ජනාධිපතිට යම් බලයක් හිමිවෙයි. අනෙක් අතට පාර්ලිමේන්තුවේ වැඩි බලය පොදුජන පෙරමුණට හිමි ය. එය මෙහෙයවන්නේ බැසිල් රාජපක්ෂ යි. එබඳු තත්ත්වයක් තුළ බැසිල්ට , ගෝඨාභයට යට නොවන සහ ඔවුන් සමග හැප්පීමේ හැකියාව ඇති අගමැතිවරයකු අවශ්‍ය වෙයි. පවුලේ සබදතා නිසා මහින්ද ට එය කරන්නට බැරි ය. විමල් , උදය කණ්ඩායම මහින්දට යන්න කියන්නේ ඒකය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත්වීම පවා අලුත් ප්‍රශ්න නිර්මාණය වීමක් විය හැකි බව මෙම කණ්ඩායම කියයි. එවිට නව ජනාධිපති පත් කරන්නේ පාර්ලිමේන්තුව යි. සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතා වෙනස් මතයක් දරන නිසා විපක්ෂයක් ලෙස බහුතරයක් එක තීන්දුවකට ගැනීමේ ප්‍රශ්නයක් පවතීයි. අවසානයේ බැසිල් රාජපක්ෂ හෝ ඔහුගේ නාම යෝජනා ලාභියකු හෝ නව ජනාධිපති වීමට ඉඩ ඇත. ගෝඨාභය අයින් වුණොත් නව ජනාධිපති කපුටෙක් බව විමල් ප්‍රකාශ කළේ එම කතාව යි.
සජිත් ප්‍රේමදාස මහතා ද තම දේශපාලන බල ව්‍යාපෘතියේ අර්බුදයට මුහුණ දී සිටියි. ඔහුගේ දේශපාලන බල ව්‍යාපෘතිය සකස් කොට තිබුණේ 2024 දී සියලු විධායක බලය සහිත ජනාධිපති වන්නට ය. දැන් පෙනෙන්නට තිබෙන්නේ එම විධායක බලයේ තටු කැපීම 2024 ට පෙර සිදුවන බව යි. එවිට ජනාධිපතිවරණයක් පැවතුනත් පත්වන්නේ එතරම් බලයක් නැති ජනාධිපති වරයෙකි. එවැන්නක් ලබාගෙන සජිත්ට වැඩක් නැත. ජානාධිපති ක්‍රමය සම්පුර්ණයෙන් ඉවත්කිරීමේ සටන් පාඨයට සජිත් මාරු වන්නේ ඒ සමග ය. එවිට විධායක ජනාධිපතිවරයෙක් නැත. ඉන්නේ පාර්ලිමේන්තුවට වග කියන අගමැති වරයෙකි. සජිත්ට දැන් ඒ සඳහා තරඟ කළ හැකි ය.
මෙයින් තවත් දේශපාලඥයකුගේ බල ව්‍යාපෘතියක් අර්බුදයට ගිය බවක් පෙනෙන්නට තිබේ. ඒ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ ය. ඔහුගේ ඉලක්කය බව පෙනෙන්නට තිබුණේ සජිත් ජනාධිපති වූ රජයක අගමැති වීම යි. දැන් ඒ අගමැති තනතුරට එන්නේ සජිත් ය. ෆොන්සේකාට ඉතිරි වන්නේ ඇමති තනතුරකි. ජනධිපති ක්‍රමය අවශ්‍ය බවට ඒ මහතා කළ ප්‍රකාශය හරියට ම තේරෙන්නේ එම සන්දර්භය තුළ ය.
කෙසේ වෙතත්, ආණ්ඩුව හැරුණු විට දේශපාලන අර්බුදයට වඩාත් බරපතල ලෙස ගොදුරු වී ඇත්තේ සමගි ජන බලවේගය බව පෙනෙන්නට තිබේ. එය තුළ යම් අර්බුදයක ලකුණු කල් තියා පෙනෙන්නට තිබිණි.. පාඨලී චම්පික රණවක 43 සේනාංකය හදා ගත්තේ ය. වෙනත් අය එවැනි දේ නොකළ ද වරින් වර යම් යම් විවේචන ප්‍රසිද්ධියේ කරන තත්ත්වයට පත්ව සිටියේ ය. එයට හේතුව ලෙස පෙනී ගියේ සජිත්ගේ බල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ ම විශ්වාසයක් නොතිබීම යි.
වත්මන් දේශපාලන අර්බුදයෙන් තත්ත්වය වඩාත් බරපතළ වූ බවක් පෙනෙන්නට ඇත. එයට හේතුව නම් වත්මන් ජනතා අරගලයට පක්ෂ නායකත්වය සංවේදී නැති බවට වූ විවේචනය යි.
මේ කතාව ප්‍රසිද්ධියේ කියූ හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ පක්ෂයේ වැඩ ගැන තමන්ට ලජ්ජා හිතෙන බව යි. පක්ෂයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ද ඉවත් වී අරගලයට එක වන බව ඒ මහතා කී ය.
මෙහි අනෙක් ප්‍රතිඵලය වුයේ අන්තර් වාර පාලනයකට තමන් විරුද්ධ බව පක්ෂ නායකයා කීව ද පක්ෂයේ ම ප්‍රධානීන් ඒකාබද්ධ වැඩ සටහනක් සහ අන්තර් පාලනයක් සඳහා ආණ්ඩුවෙන් ඉවත් වූ පිරිස සමග සහ වෙනත් පක්ෂ සමග විවිධ මට්ටමින් සාකච්ඡා කිරීමයි. එම සාකච්ඡාවල ප්‍රතිඵල ලෙස ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාවකට සහ අන්තර්වාර පාලනයකට තමන් එකඟ වූ බවත්, ඉක්මනින් ම නව ආණ්ඩුවක් බිහිකරන බවත්, දොස්තර රාජිත සේනාරත්න මහතා ඉරිදා ප්‍රකාශ කළේය.
දෙපාර්ශවයේ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමේ තවත් සාකච්ඡාවක් 25 දා සඳුදා පැවතියේ ටිරාන් අලස් මන්ත්‍රීවරයාගේ නිවසේ දී ය. සමගි ජන බලවේගය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර, දොස්තර රාජිත සේනාරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා , එස් එම් මරික්කාර් සහ , ගයන්ත කරුණාතිලක මහත්වරුන් එයට සහභාගී වී සිටි අතර ස්වාධීන වූ කණ්ඩායම වෙනුවෙන් දයාසිරි ජයසේකර, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ ටිරාන් අලස් මහත්වරු සහභාගී වී සිටියහ. අලුතින් කෙටුම්පත් කළ විශ්වාස භංග යෝජනාව කතානායකවරයා වෙත 3 දා භාර දීමටත් 4 දා උදේ නියෝජ්‍ය කතානායක තේරීමේ ඡන්ද විමසීම ලබගෙන විපක්ෂයේ බලය පෙන්වීමටත් එහි දී තීරණය වී තිබේ.
තමන් අන්තර් වාර පාලනයකට සම්බන්ධ නොවන බවත් බලෙන්වත් එය කළ නොහැකි බවත්, සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා මහනුවර දී ප්‍රකාශ කළේ තම පක්ෂයේ ම නායකයින් ඒකාබද්ධ වැඩ පිළිවෙළකට එලෙස සම්බන්ධ වී සිටිය දී ය. මෙම ගැටුම කෙසේ පුපුරා යනු ඇද්දැයි බැලීමට අපට තව ටිකක් බලා සිටීමට සිදුවනු ඇත.
තමන් අන්තර් වාර පාලනයකට සම්බන්ධ නොවන බවත් බලෙන්වත් එය කළ නොහැකි බවත්, සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා මහනුවර දී ප්‍රකාශ කළේ තම පක්ෂයේ ම නායකයින් ඒකාබද්ධ වැඩ පිළිවෙළකට එලෙස සම්බන්ධ වී සිටිය දී ය. මෙම ගැටුම කෙසේ පුපුරා යනු ඇද්දැයි බැලීමට අපට තව ටිකක් බලා සිටීමට සිදුවනු ඇත.
මේ අතර ආණ්ඩුව දැන් අර්බුදයෙන් ගොඩ යෑමට තවත් උත්සහයක් දරමින් සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ විනය යොදා ගනිමිනි. බැසිල් රාජපක්ෂ මහතා කියා ඇත්තේ තීන්දු ගන්නේ පක්ෂය බව සහ පක්ෂයේ තීරණය අනුව සියලු දෙනා කටයුතු කළ යුතු බව යි.
ඒ අනුව මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට සහය පළකිරීමේ ලිපියකට අත්සන් ගැනීම නෙලුම් මාවතේ පක්ෂ කාර්යාලයේ දී සිදු කරමින් පැවති බව වාර්තා වී ය. කෙසේ වෙතත් අඟහරුවාදා පැවති මාධ්‍ය හමුවක දී උදය ගම්මන්පිල මහතා කීවේ එම ලිපියට අත්සන් කර තිබුණේ 46 දෙනෙකු පමණක් බව යි.
මේ අතර අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ අගමැතිතුමා සහ පක්ෂය බලය අතහැරිය යුතු බව තමන් ඇතුළු ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් බහුතරය ජනාධිපතිතුමාට දැන්වූ බව යි.
කෙසේ වෙතත්, පොදුජන පෙරමුණ තවත්, තර්ජනයක් එල්ල කොට ඇත. එනම්, අගමැති ඉවත් කළ හොත් පක්ෂයේ තීරණය මත සියලු දෙනා විපක්ෂයට යන බව යි. ජානාධිපති බලය අඩු කරන සංශෝධනයකට සහය නොදීම වැනි වෙනත් තර්ජන ද ඒ තුළ අඩංගු බව පෙනෙන්නට තිබේ.
මෙහි දී බැසිල් සහ පොදුජන පෙරමුණ තවමත් තේරුම් ගෙන නැති කාරණයක් නම් උත්සන්න වූ දේශපාලන අර්බුදය හමුවේ පක්ෂ විනය වැනි යාන්ත්‍රණ තව දුරටත් පැරණි ආකාරයෙන් ක්‍රියාත්මක නොවන බව යි.
මෙහි දී බැසිල් සහ පොදුජන පෙරමුණ තවමත් තේරුම් ගෙන නැති කාරණයක් නම් උත්සන්න වූ දේශපාලන අර්බුදය හමුවේ පක්ෂ විනය වැනි යාන්ත්‍රණ තව දුරටත් පැරණි ආකාරයෙන් ක්‍රියාත්මක නොවන බව යි.
ඔවුන්ගේ ම මන්ත්‍රීවරුන් දැන් කියමින් සිටින්නේ “ඕවා කරලා අපට ගමට යන්නට බැරි වන” බව යි.
