නව මහ බැංකු අධිපතිත් ගැසට් සරණ යයි ; ව්‍යාපාරිකයෝ කැළඹෙති

බැංකු ක්‍රමයට පිටතින් මුදල් ගෙවා භාණ්ඩ ආනයනය නතර කිරීමට නුදල් අමාත්‍යාංශය මගින් ගැසට් නිවේදනයක් නිකුත් කරවීමට මහ බැංකුව ගත තීරණයත් සමග ආනයන ක්ෂේත්රයේ ව්‍යාපාරිකයන් අතර විශාල කැළඹීමක් හටගෙන ඇති බවත්, මේ නිසා බොහෝ අත්‍යවශ්‍ය ආනයන නවතින තත්ත්වයක් ඇති විය හැකි බවත්, තතු දත් ආරංචි මාර්ග කියයි.
එමෙන් ම මෙය පසුගිය කබ්රාල් මහ බැංකු අධිපති යටතේ ක්‍රියාත්මක කොට අසාර්ථක වූ ක්රමයම බවත්, ව්‍යාපාරිකයින් කළු කඩයෙන් වැඩි මිලට ඩොලර් මිලට ගෙන ආනයන කරන්නේ බැංකු මගින් මුදල් ලබා නොදීම නිසා බවත්, කියන ව්‍යාපාරිකයින් වැඩි සුරටත් කියන්නේ මෙමගින් ඇතැම් ආනයන නැවතීමට ඉඩ ඇති බව යි.
බැංකු ක්‍රමය තුලින් මුදල් ලබා දෙන්නේ නම් ඩොලරයකට රුපියල් 50 ක් 60 ක් වැනි මුදලක් ගෙවා ආනයන කිරීමට කිසිවකු නොපෙලබෙන බවත් ඔවුහු කියති.
බැංකු පද්ධතියට පිටතින් සිදුවන විදෙස් මුදල් හුවමාරු පාලනය සඳහා ඉදිරියේදී පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ ප්‍රකාශ කළේය.
දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ වැඩිදියුණු කිරීම සඳහා ගෙන ඇති නව ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා ඒ බව සඳහන් කළේ ය.
ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා මෙසේ ද කීය.
“අපේ රටේ බැංකු ක්‍රමය තුළ විදේශ විනිමය හිඟයක් තිබෙනවා. එළියේ පෝලිම් තියෙන්නේ ඒ නිසා. කෙනෙක්ට බැංකුවකට ගියාම විදේශ විනිමය ගන්න බැරි වෙලා තියෙන්නේ ඒ නිසා.
ඒ සම්බන්ධයෙන් සොයා බැලුවාම බැංක්ර ක්‍රමයට පිටතින් විශාල වශයෙන් උණ්ඩියල් සහ හවාලා යන ක්‍රමවේද ඔස්සේ විදේශ විනිමය ගලාගෙන එනවා. ඒ වගේම අත්‍යවශ්‍ය නොවන ආනයන රැසකට මේ ක්‍රමවේද මඟින් මුදල් යනවා.
ඒ මුදල් බැංකු ක්‍රමය තුළට ගෙන ඒම සඳහා අපි සාකච්ඡා කරලා තීරණ කිහිපයක් අරගෙන තියෙනවා. මුදල් අමාත්‍යාංශය සමඟත් සාකච්ඡා කරලා පියවර කිහිපයක් ගන්න බලාපොරොත්තු වෙනවා.
පළමුවැනි පියවර විදියට මුදල් අමාත්‍යාංශය අද හෝ හෙට ගැසට් නිවේදනයක් නිකුත් කරයි. එම ගැසට් නිවේදනයට අනුව විවෘත ගිණුම් තුළින් ආනයනය කිරීම නතර කරනවා. ඒ වගේම සියලු ආනයන කළ යුත්තේ බැංකු ක්‍රමය තුළින් පමණයි. සියලු ආනයනවලට මුදල් ගෙවිය යුත්තේ බැංකු ක්‍රමය තුළින් පමණයි.
මෙමඟින් පිටත තිබෙන ඉල්ලුම නැති වෙනවා.
ඒ වගේම පිටත වෙළෙඳපොළට මුදල් සපයනවා නම්, අපි ඔවුන්ගෙන් ඉල්ලන්නේ පුළුවන් තරම් බැංකු ක්‍රමය තුළින් ගනුදෙනු කරන්න කියලා. ඒ වගේම මේ පියවර නිසා බැංකු පද්ධතියෙන් එළියේ වෙළෙඳපොළක් නැති බවත් කියන්න අවශ්‍ය යි.
අනෙක අපි බැංකු ක්‍රමය තුළින් ඉහළ විදේශ විනිමය ගෙවනවා. විදේශ විනිමය අනුපාතිකය නම්‍යශීලී යි. වෙළෙඳපොළ කේන්ද්‍ර කරගත් විදේශ විනිමය අනුපාතිකයක් තිබෙනවා. අපි ඩොලරයට සාධාරණ මුදලක් ගෙවනවා.
මේ විදියට බැංකු පද්ධතිය තුළින් මුදල් ආවොත් අපට ඒ මුදල් කිරිපිටි, ඉන්ධන, බෙහෙත් ආදී අත්‍යවශ්‍ය දේවල් ගෙන්වන්න භාවිත කරන්න පුළුවන්. යි මහ බැංකු අධිපතිවරයා කියයි.
කෙසේ වෙතත්, ව්‍යාපාරික ප්‍රජාව කියන්නේ මහ බැංකුවේ නීති මගින් මෙලෙස පාලනය කිරීමට යාම පසුගිය කාලය පුරා අසාර්ථක වූ බවයි. එමෙන් ම කිරිපිටි, සිමෙන්ති, ඇතැම් ඖෂධ , ගොඩනැගිලි ද්‍රව්‍ය ආදී බොහෝ භාණ්ඩ දැන් ගෙන්වන්නේ බැංකු ක්‍රමයට පිටතින් මුදල් සොයාගෙන බැවින් එම භාන්ඩ හිගයක් නිර්මාණය වීම නොවැලක්විය හැකි වනු ඇති බවයි.
ඩොලර් කළු කඩය නැවැත්වීමේ එක ම සාර්ථක ක්‍රමය ආනයන සඳහා අවශ්‍ය මුදල් බැංකු ක්‍රමය තුලින් සැපයීමට පියවර ගැනීම බවත්, එවිට ඩොලර් කළු කඩය මෙන් ම උන්ඩියල් / හවාලා ක්‍රම ද අහෝසි වනු ඇති බවත් ව්‍යාපාරිකයෝ කියති.
