රටේ සියයට 87 කට ම ජනපති අගමැති දෙදෙනා ම එපා වෙලා ! – සමීක්ෂණයකින් හෙළිවෙයි

අගමැති ජනපති දෙදෙනා ම බලයෙන් ඉවත්විය යුතු යයි කියන ජනතා ප්‍රතිශතය සියයට 87 ඉක්මවා ඇති බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කළ ජන මත සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
ඒ අනුව ජනාධිපති ඉවත්විය යුතු බව කියන ප්‍රතිශතය සියයට 87.3 ක් වන අතර අගමැතිතුමා ඉවත්විය යුතු බව කියන ප්‍රතිශතය සියයට 89.7 කි.
පාර්ලිමේන්තුවේ 225 ම එපා කියන සංඛ්‍යාව සියයට 55.9 ලෙස වාර්තා වෙයි.
සියලු දේශපාලඥයන් විගණනයට ලක් කළ යුතු බව ජනගහනයෙන් සියයට 96.2 කගේ මතය වී ඇති බව ද සමීක්ෂණයෙන් හෙළිදරව් වී තිබේ. එමෙන් ම එබඳු විගණනයක දී තහවුරු කළ නොහැකි වත්කම් පවරා ගත යුතු බව ද එම ජනතාවගේ මතය වී තිබේ.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව කියන සංඛ්‍යාව සියයට 74 කි .
දිවයින පුරා නියැදි 2,300 ක් යොදාගෙන මෙම සමීක්ෂණය සිදුකොට තිබේ.
