19 වැනි ව්‍යවස්ථා සංසෝධනය පාලකයාට හෙණයක් වුණාට ජනතාවට සෙතක් ශාන්තියක් – පූජ්‍ය දඹර අමිල හිමි

19 වැනි ව්‍යවස්ථා සංසෝධනය පාලකයාට හෙණයක් වුණාට ජනතාවට සෙතක් ශාන්තියක් බව පූජ්‍ය දඹර අමිල හිමියෝ ප්‍රකාශ කළහ .

පූජ්‍ය දඹර අමිල හිමියන් එසේ ප්‍රකාශ කළේ අඛණ්ඩව19 වැනි දිනටත් විහාරමහා දේවි උද්‍යානයේ බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිට පැවැත්වෙන සතයග්‍රහයට සමගාමීව අද (09) සවස පැවති අදහස් දැක්වීමක දී ය.

මෛත්‍රිපාල ජනාධිපතිවරයා ඒ ව‍ගේම මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා, ඒ වගේම එම කණ්ඩායම එක වැරැද්දකින් ආරම්භ කරල, අද වැරදි රාශියකින් අමාරුවෙ වැටිල ඉන්න කණ්ඩායමක් බවට පත් වෙලා තියෙනව. හොඳම උදාහරණය තමයි 19 වැනි ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංසෝධනය. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංසෝධනය තමයි මම හිතනවා ලංකා ඉතිහා‍සයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනාපු විශ්ෂ්ඨතම සංසෝධනය.

ඒක 2015 ජනවාරි 08 මහජනයා විසින් අනුමත කළා. ඒ වගේම 2015 අගෝස්තු 17 මහජනයා විසින් අනුමත කළා. ඒ අනුව මහජනයාගේ මතය මනාපයෙන් සම්මත වෙලා තියෙනව එක පැත්තකින්. ඒ වගේම දින 100 ඇතුළත අර ඓතිහාසික දින 100 ඇතුළත 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුනෙන් දෙකකට (2/3) වැඩි මන්ත්‍රි ප්‍රමාණයකින් සම්මත වුණු එකක්. ඒකට සම්මාදම් වුණු අය අතර ඔය කියන ජනාධිපතිවරයාත්, මහින්ද රාජපක්ෂගේ කණ්ඩායමත්, ඊට විවිධ අර්ථ නිරූපණ ඉදිරිපත් කරන අය හැමෝමත් මේකට අත ඉස්සුවා. තමන්ගේ මනාපය දැක්වුවා. ඒ අනුව ඒක සම්මත වෙලා සැලිකිය යුතු සතුටක් අත්විදිමින් ඉන්න වෙලාවක තමයි 19 වන සංසෝධනය කියල අපි කවුරුත් මේ උදම් අනන්නේ.

19 වන සංසෝධණය උනාට පස්සේ, නීතියක් බවට පත් වුණාට පස්සෙ තමයි වැරදි වැඩ කරන්න තියෙන අවස්ථාවල් අහිමි කරල තියෙන්නෙ. කාටද, මේ පාලකයන්ට. ජනාධිපතිවරයට, අගමැතිවරුන්ට, මැති ඇමතිවරුන්ට, එහෙම නැත්නම් වෙනත් ඕනැම කෙනෙකුට වැරදි වැඩ කරන්න තිබෙන එක අහෝසි කරල තියෙනව සැලකිය යුතු ප්‍රමාණයකින්. විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ඒ හරහා අත්පත් කරගෙන තියෙනව. 19 වැනි ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව වැරදියි කියල අද කියන්නෙ, වැරදි වැඩ කරන්න අවස්ථාව සලසා ගන්න උවමනාව තියෙන හින්ද තමයි.

අද හිරවෙලා ඉන්නවා, ඕනනැති වැඩ කරන්න අපහසු කමක් වෙලා තියෙනව මේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංසෝධනය නිසා. ඒ නිසා අපි සාමාන්‍යයෙන් කියන්නෙ මේක නරක වැඩ කරන්නට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කිරීමට, යහපාලනයට විරුද්ධව වැඩ කරන්නට කැමති අයට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංසෝධනය මරාන්තික තමයි. ඒ වගේම ඒක අන්තිම දරුණු එකක් ඒ අයට. ඒවට ඉ‍ඩනොදෙන එකක් ඒක.  යහපාලනය වළක්වන්න එන අයට මේක දරුණු හෙණයක් හැටියට කියන්න පුලුවන් 19 වැනි ආණ්ඩුක්‍රම වයවස්ථා සංසොධනය. නමුත් රටේ ජනතාවට මේක විජයග්‍රහණයක්. සෙතක් ශෘන්තියක්, රටේ ජනයාට මේක අයිතිවාසිකම් අත්පත් කරගත්ත ත්‍යාගයක්. මේක විශාල වැදගත් කමක් සහිත සංසෝධනයක්. ඒ නිසා අපි මොනම හේතුවකින්වත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංසෝධනය බැහැර කරන්න ඉඩ දෙන්නෙ නැහැ. ඒකට අතතියන්න. ඒක අහෝසි කරන්න අපි කිසිසේත්ම ඉඩ තියන්නෙ නැහැ.

අපිට යම්කිසි විදිහකින් පුලුවන් වෙනව නම් ඉදිරියෙදි 19 වැනි සංසෝධනයට, මේක මහජනයට ඉදිරි මැතිවරණ වලදි කියන්න ඕනැ. තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි දාන්න ඕනැ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංසෝධනය, 2015 දි අපිට කරන්න ඕන කරන ප්‍රමාණයට කරන්න බැරි වීමයි මෙතන අපිට ප්‍රශ්නය තියෙන්නෙ. ඒ නිසා ඊළඟට අපිට තියෙන මැතිවරණ වලදි, මැතිවරණ හා ජනාධිපතිවරණ හැම එකකදිම මහජනයට ඉල්ලීම් කරන්න ඕනැ අපිට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංසෝධනයේ දී කරගන්නට බරි වුණු ඒකේ දිප්තිය ඒකේ බැබලවීම අඩු කරපු කාරණා ටික හඳුනගෙන ඒවා කරගන්න වරමක් අපිට දෙන්න කියල ඉල්ලන්න ඕන.

මහජනයගෙන් අපි ඉල්ලන්න බලාපොරොත්තු වෙනව සිවිල් පුරවැසියන් හැටියට, සිවිල් සංවිධාන වෘත්තිය සමිති එකමුතුව හැටියට මේ රටේ පුරවැසියන් හැටියට එතනදි අපි ඉල්ලනවා, ඉටුකරගන්න අපිට බැරි ටික ඉටු කරගන්න, අවස්ථාව අපිට දෙන්න කියල. නැවත වතාවත් ඒ අවස්ථාව අපිට දෙන්න. එතකොට එකේ දීප්තිය අපිට ඇති කරගන්න පුලුවන්. විශේෂයෙන්ම විධායක ජනාධිපති ධුරය අහොසි කළ යුතුය කියන කතාව.

එම ඉල්ලීම එන්නෙ, එම ධුරය ආරම්භ කළේ 1978. ඒක ආරම්භ කරපු දාට පහුවදා ඉඳලා. 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වේලෙන්නත් කලින්. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කළ යුතුයි කියල හැමෝම කිව්වා. රාජ්‍ය නායක මට්ටමෙන්, මැතිවරණයට ආපු ජනාධිපතිධුර අපේක්ෂක මට්ටමෙන්, ආණ්ඩු පිහිටුවීමට අදාල පක්ෂවලින් ඒ හැමෝම තමන්ගෙ මැතිවරණ ව්‍යාපාරතුළ ගෙනාපු ප්‍රධාන සටන් පාඨයක්. දැන් ඒකෙ අවශ්‍යතාවය වෙනදටත් වඩා භාවිතයෙන් විඳිමින් ඉන්නවා අපි විඳිමින් ඉන්නවා. ඒ වගේම ඒකෙන් අද අපි පීඩාවට පත්වෙන බවක් අපට පේනවා. ඒ නිසා අපිට විධායක ජනාධිපති ධුරය ‍අහෝසි කිරීම ඉලක්ක කරගෙන වැඩසටහනක් අපි හෙට ඉඳල, ඒ කියන්නෙ මැතිවරණ අවස්ථාව ආපු මොහොතෙ ඉඳල අපි ඒක මහජනයාට අනිවාර්යෙන්ම පිළිගන්නවන්න ඕ‍නැ. ඒක හරහා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම. ඒ වගේම අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට පක්ෂ මාරුකරන්නට, පාර්ලිමේන්තුවට මහජනයා තෝරලා යැව්වට පස්සේ ඒ අයට ඕන ඕන විදිහට මුදල්වලට එහා මෙහා යන්නට තියෙන ඉඩ අහෝසි කරන්නටම ඕනැ. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඊළඟ අපි කරන සංසෝධනයේ දී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමත් එක්ක ඒ දෙක එකට අපි අතුල් කරන්න ඕනැ.

ඒ වගේම ඒ අයගෙ වත්කම් හා බැරකම්, හරියට පෙන්වීම හා ඒවා හරියට නොකරන්නේ නම් ඒවාට අදාල දඬුවම් උපරිමට දක්වා ඒවට ගෙනි යන්න ඕනැ. දැනට සාමාන්‍ය තිබෙන්නෙ වත්කම් පෙන්නුවෙ නැත්නම් එහෙම රුපියල් 1000/- ක දඩයක්. සරණ ගුණවර්ධනට දුන්න තීන්දුව අපි කවුරුත් දන්නවා. රුපියල් 1000/-ක දඩයක් නියම කෙරුවෙ. ඒ නිසා එවැනි වගන්ති අපි අතුල් කරන්නට ඕනැ. ඒ වගේම ඉතාම සුදුසු අමානුෂික නොවන මේ ජරා මැතිවරණ ක්‍රමය වෙනුවට හොඳ සුදුසු විශ්ෂ්ඨ ගණයේ මැතිවරණ ක්‍රමයක් සොයාගන්න ඒනැ. ඒක  සාකච්ඡා කරන්න ඕනැ. අපි ඉදිරියේදී ගේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළෙ අනිවාර්යෙන්ම අපි දාගන්නට ඕනැ.

මෙවැනි දේවල් ඇතුළත් කරගැනීමට සුදුසු අවස්ථාවක් තමයි අපේ මේ සාකච්ඡාව. ඒ නිසා විමල් වීරවංශට හරි, ලක්ෂමන් යාපා අබේවර්ධනට හරි, මෛත්‍රිපාල සිරිසේනට හරි, ගෝඨාභය රාජපක්ෂට හරි එහෙමත් නැත්නම් මහින්ද රාජපක්ෂට හා ඒ ගොල්ලන්ගෙ ගෝලයන්ට හරි මේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංසෝධනය මරාන්තික විදිහට පෙනුනට අපිට ඒක විජයග්‍රහණයක්. මහජනයාගෙ පැත්තෙන් අපි අත්පත් කරගත්ත, අපේ ජීවිත කතාව තුළ අපි අත්පත්කර ගත්ත ජයග්‍රහණයක් ඒ නිසා අපි අනිවාර්යෙන්ම පෙනී ඉන්න ඕනැ කියන එක තමයි විශේෂයෙන් අවධාරණය කරන්නට තියෙන්නෙ.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *