අගමැති මහින්ද ඉවත් වුනොත් අගමැතිකමට පොහොට්ටුවෙන් වෙනත් නම් යෝජනා කරන්නේ නැහැ – පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ

අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරින් ඉල්ලා අස් වුවහොත් එම තනතුරට ශ්රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් නමක් යෝජනා නොකරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද ප්රකාශ කළ බව වාර්තා වෙයි.
අගමැති තනතුරට වෙනත් අයකු තෝරා ගැනීම සියලු පක්ෂ සම්බන්ධ වන ජාතික සභාවකින් සිදු කිරීමට යෝජනා වී ඇති අතර බැසිල් රාජපක්ෂ් මහතා කියා ඇත්තේ තමන්ට ජන වරම ලැබුනේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමට බැවින් ඒ සඳහා වෙනත් නමක් තම පක්ෂයෙන් යෝජනා නොකරන බව යි.
මහ නා හිමි වරුන්ගේ ඉල්ලීම සලකා බලා මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට ඉඩ ඇති බව ද, බැසිල් රාජපක්ෂ මහතා ප්රකාශ කොට තිබේ.
ස්වාධින වූ මන්ත්රී කණ්ඩායම සමග අද පැවති සාකච්ඡාවේ දී ඒ මහතා මෙම අදහස් පවසා ඇත.
