පොහොට්ටුව දෙකඩ වෙයි ; පිරිසක් නව පක්ෂයක් හදයි !

 

බැසිල් රාජපක්ෂ මහතාගේ බලයට යට වී ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී නව පක්ෂයක් ලෙස ඉදිරි දේශපාලන කටයුතුවල නියැලීමට පක්ෂයේ ප්‍රබල පිරිසක් තීරණය කොට ඇති බව වාර්තා වෙයි.

ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායම සහ තවමත් ඉවත් වී නැති විශාල පිරිසක් ද නව පක්ෂයට සම්බන්ධ වනු ඇතැයි කියති.

තවමත්, ආණ්ඩුව සමග සිටින නමුත්, රාජපක්ෂවරුන්ගේ විරෝධයට ලක්වූ ප්‍රබල හිටපු ඇමතිවරයකු පක්ෂයේ නායකත්වය සඳහා යෝජනා වී තිබේ.

රාජපක්ෂ පවුල්වාදය මත පදනම්ව දේශපාලනය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනාගතයක්  නැති බව එම පක්ෂයෙන් ඉවත්වන පිරිසගේ අදහස වී තිබේ. එබැවින් තමන්ට වෙන ම පක්ෂයක් ලෙස ඉදිරි දේශපාලන කටයුතු  කිරීමට සිදු වන බව ඔවුන්ගේ විශ්වාසය වී තිබේ.

එමෙන් ම පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු බලය දුර්වල කිරීම ද මේ සමග සිදුවනු ඇත.

මෙම නව පක්ෂය බිහි කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කොට ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *