අන්තර් වාර අගමැතිකමට සුදුස්සා ඩලස් ; අගමැති මහින්ද ඉවත් වෙන්න ලෑස්තියි – ඩිලාන් පෙරේරා

 

අන්තර් වාර පාලනයක අගමැති තනතුරට සුදුසු තැනැත්තා ඩලස් අලහප්පෙරුම මහතා බවත්, නව ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය එකඟතා ඇති කරගත් විට තනතුරින් ඉවත්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සුදානමින් සිටින බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

මැතිවරණයේ දී වැඩි ම ඡන්ද හිමි වුයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නිසා අගමැති තනතුරට පක්ෂයේ ජෙෂ්ටයෙක් පත්වීම සුදුසු බවත්, පාර්ලිමේන්තුවේ බහුතරයේ සහය ලබා ගැනීමට ද එය වැදගත් වන බවත්, ඩිලාන් පෙරේරා මහතා කියයි.

ආණ්ඩුවෙන් වැරදි සිදු වූ නිසා සහ උද්ධච්ච හැසිරීම් නිසා ජනතාව කෝප වී ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේ පවතින තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *