අන්තර් වාර පාලනයත් පොහොට්ටුවෙන් ; මහින්ද ඉවත් කරයි !

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ වත්මන් ආණ්ඩුව ඉවත්කොට පාර්ලිමේන්තුවේ වෙනත් පක්ෂ සම්බන්ධ කර ගනිමින් අන්තර් වාර පාලනයක් පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ වී ඇති බව වාර්තා වෙයි.

ආණ්ඩුවෙන් ඉවත් වූ පක්ෂ 11 සහ අනෙක් කණ්ඩායම සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද පැවති සාකච්ඡාවක දී මෙම එකඟතාව ඇති වී තිබේ.

ජනාධිපති බලය සීමා කෙරෙන 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම ඇතුළු කරුණු ගණනාවක් මෙහි දී සාකච්ඡාවට ලක්ව තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේ දී මෙම සාකච්ඡාව පවත්වා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ඇමති මහාචාර්ය ජී එල් පීරිස්, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ,ඇමති රමේෂ් පතිරණ ,මහලේකම් සාගර කාරියවසම් ,පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න යන මහත්වරුන් ද,ආණ්ඩුවෙන් ඉවත් වූ කණ්ඩායම වෙනුවෙන් සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා පත්කරන ලද කමිටුවේ සාමාජිකයන් වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා විමල් වීරවංශ ,උදය ගම්මන්පිල සහ ටිරාන් අලස් යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට සහභාගි වී සිටි බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *