අද කොවිඩ් වාර්තා ; මරණ නැහැ , නව ආසාදිතයින් 19 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිවේදන අනුව අද දිනය තුල කිසිදු කොවිඩ් මරණයක් තහවුරු කොට නැති අතර අලුතින්  හඳුනාගත් ආසාදිත සංඛ්‍යාව 19 ක් ලෙස සටහන් වෙයි. ඒ අනුව මෙරටින් මෙතෙක් හඳුනාගත් කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 662,794 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙරටින් වාර්තා වී තිබු 16,495 ක් වූ කොවිඩ් මරණ සංඛ්‍යාවෙහි වෙනසක් සිදු වී නැත.

කොවිඩ් වැළඳී බැසිල් රෝහලට

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොවිඩ් රෝගී තත්ත්වය හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි. 71 වැනි වියේ පසුවන බැසිල් රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වැඩිදුර කරුණු මෙතෙක් වාර්තා වී නොමැත.  

සජිත් විපක්ෂ නායකකම රැකගනී ! අන්තර් පාලනයකට සජබ නැහැ !!

යෝජිත අන්තර් වාර පාලනයකට හෝ සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වීම සමගි ජන බලවේගය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ සහ එම පක්ෂය දිගට ම විපක්ෂයේ සිටීමට තීරණය කොට ඇති අතර සජිත් ප්‍රේමදාස මහතාගේ විපක්ෂ නායක තනතුර ඒ අනුව සුරක්ෂිත වන බව කියති. අන්තර් වාර පාලනයකට සම්බන්ධ වුව හොත් සජිත් ප්‍රේමදාස මහතාගේ විපක්ෂ නායක ධුරය අහිමි විය හැකි වීම…

ඉන්ධන සලාක ක්‍රමයක් එයි ; පෝලිම් දිගුවෙයි !

ඉන්ධන සඳහා සලාක ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ඛනිජතෙල් නීතිගත සංස්ථාව ක්‍රියා කොට ඇත. ඒ අනුව වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේ සීමා පනවා තිබේ. ඒ අනුව යතුරු පැදි සඳහා රුපියල් 1000 ක් වටිනා තෙල් නිකුත් කරන අතර ත්‍රී වීල් සඳහා නිකුත් කරනුයේ රුපියල් 1500 ක් වටිනා තෙල් ප්‍රමාණයකි. අනෙකුත් මෝටර් රථ සඳහා ඉන්ධන නිකුත් කරනුයේ වරෙකට රුපියල්…

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙශාර ජයසිංහ මහතා තනතුරින් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙයි. ඒ මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිතුමා වෙත යව ඇත. දිවයිනේ පවතින ගෑස් හිගය තවමත් අවසන් වී නැති අතර ගෑස් බෙදීම ද නවතා දමා තිබේ. ලිට්රෝ ගෑස් බෙදාහැරීම යළි ආරම්භ කෙරෙන්නේ 18 දා සඳුදා සිට යි.

තවත් කොවිඩ් මරණයක් සහ ආසාදිතයින් 27 ක් වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිවේදන අනුව තවත් කොවිඩ් මරණයක් අද දිනයේ තහවුරු කොට ඇති අතර අලුතින් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 27 කි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛාව සටහන් වී ඇත්තේ 16,495 ක් වශයෙනි. මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 662,775 ක් ලෙස සටහන් වී ඇත.

ජනාධිපති ධුරය අහෝසි කරන ව්‍යවස්ථා කෙටුම්පත සුදානම් ; ලබන සතියේ මැති සබයට

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, විපක්ෂයේ සහ ආණ්ඩුවෙන් ඉවත් වූ පක්ෂවල ද සහය ලබා ගනිමින් මේ වන විට කෙටුම්පත් කොට අවසන් බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි. එබඳු සංශෝධනයකට සහය දීමට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක් මේ වන විට කැමැත්ත ප්‍රකාශ කොට ඇති බවත්, එය ලබන සතියේ…

විපක්ෂ මන්ත්‍රීවරයකුට අවම ලන්සුව කොටි පහයි ; ඇමැති ධුරයකුත් දෙයි !

ආණ්ඩුවට එක් වී ඇමතිකම් ලබා ගැනීම සඳහා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධින වූ මන්ත්‍රීවරුන්ට මේ වනවිට ඉදිරිපත්වන අව ම ලන්සුව රුපියල් කොටි පහක් වී ඇති බව කියති. හිටපු ඇමතිවරුන්ට සහ ජේෂ්ට මන්ත්‍රීවරුන්ට මීට වඩා ඉහළ ලන්සු ද ඉදිරිපත් වී තිබේ. ඊට අමතරව රාජ්‍ය ඇමති ධුරයක් හෝ ඇමති ධුරයක් හෝ පිරිනැමීමට ද යෝජනා ඉදිරිපත් වී තිබේ. මේ වන…

තවත් ඩොලර් බිලියන දෙකක් දෙන්න ඉන්දියාව සුදානමින්

තම විදේශ ණය ගෙවාගත නොහැකිව බංකොලොත් භාවයට පත්ව ඇති ශ්‍රී ලංකාවට තවත් ඩොලර් බිලියන දෙකක මුදලක් ලබා දීමට ඉන්දියාව කැමැත්ත ප්‍රකාශ කොට ඇති බව වාර්තා වෙයි. එමෙන් ම අත්‍යවශ්‍ය ආහාර සහ ඉන්ධන ලබා දීමට ද ඉන්දියාව කැමැත්ත ප්‍රකාශ කොට ඇත. මේ අතර ශ්‍රී ලංකාවට අවශ්‍ය ආධාර ලබා දීමට තම රට සුදානමින් සිටින බව මෙරට චීන…

ශ්‍රී ලංකාව ණය ගෙවීම අත්හිටුවීමේ තීරණය ගත්තේ අයි එම එෆ් උපදෙස් ඇතිවයි

ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීම අත්හිටුවීමේ තීරණය ගැනීමට පෙර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග අන්තර් ජාල සාකච්ඡාවකින් එයට ඔවුන්ගේ එකඟතාව ලබාගත් බව ක්ෂේත්‍රයේ තතුදත් ආරංචි මාර්ග කියයි. පසුගිය සති අන්තයේ සිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තොරතුරු හුවමාරු කරගෙන ඇති අතර 11 දා රාත්‍රියේ දෙපාර්ශවය අතර විධිමත් අතත්‍ය සාකච්ඡාවක් ද පවත්වා…

GOTAGOGAMA විරෝධතාකරුවෝ සාකච්ඡා ප්‍රතික්ෂේප කරති

කොළඹ ගාලු මුවදොර GOTAGOGAMA විරෝධතාවයේ යෙදී සිටින පිරිස සමග සාකච්ඡා කිරීමට සුදානම් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළ ද , තමන්ගේ ඉල්ලීම් ඉටුවන තුරු සාකච්ඡා නොකරන බව විරෝධතාකරුවෝ ප්‍රකාශ කරති. ඔවුන් විසින් අන්තර්ජාලයට යොමු කරන ලද ලිපියක් මගින් ප්‍රධාන ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කොට තිබේ. එනම් ගොටාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත්වීම සහ සියලු…

රෝසි විපක්ෂයට දෙහි කපයි

    රටේ ආණ්ඩුව රටටත් ජනතාවටත් අත්කර දී ඇති ඉරණමට විසඳුම් සොයනවා වෙනුවට විපක්ෂය සිදුකරමින් සිටින්නේ තවදුරටත් තම දේශපාලන කඳවුරු තුළටම සිරවෙමින් කටයුතු කිරීම පමණක් බව රෝසි සේනානායක මහත්මිය පැවසුවාය. කොළඹ මහනගර සභාවේ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය දීර්ඝ නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළාය. ඇය පෙන්වා දෙන්නේ රටේ විපක්ෂය මේ මොහොතේ මෙම තීරණාත්මක ජාතික…