ශ්‍රී ලංකාව ණය ගෙවීම අත්හිටුවීමේ තීරණය ගත්තේ අයි එම එෆ් උපදෙස් ඇතිවයි

ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීම අත්හිටුවීමේ තීරණය ගැනීමට පෙර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග අන්තර් ජාල සාකච්ඡාවකින් එයට ඔවුන්ගේ එකඟතාව ලබාගත් බව ක්ෂේත්‍රයේ තතුදත් ආරංචි මාර්ග කියයි.

පසුගිය සති අන්තයේ සිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තොරතුරු හුවමාරු කරගෙන ඇති අතර 11 දා රාත්‍රියේ දෙපාර්ශවය අතර විධිමත් අතත්‍ය සාකච්ඡාවක් ද පවත්වා තිබේ.

එම සාකච්ඡාවල දී ඇති කරගත් අවබෝධය අනුව ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය ගෙවීම් අත් හිටුවීමට මහ බැංකු මුදල් මණ්ඩලය සහ මිදල් අමාත්‍යාංශය තීරණය කොට තිබේ.

ඒ පිළිබඳව ඉදිරියේ දී කටයුතු කරන ආකාරය 18 දා, සඳුදා මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර ආරම්භ වීමට නියමිත නිල මට්ටමේ සාකච්ඡාවල දී සිදු කිරීමට නියමිත බව කියති.

එමෙන් ම ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන උපදෙස් දීම සඳහා නීති සහ තාක්ෂණික උපදේශකවරුන් පත් කිරීම ද ලබන සතිය තුළ සිදු කිරීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *