GOTAGOGAMA විරෝධතාකරුවෝ සාකච්ඡා ප්‍රතික්ෂේප කරති

කොළඹ ගාලු මුවදොර GOTAGOGAMA විරෝධතාවයේ යෙදී සිටින පිරිස සමග සාකච්ඡා කිරීමට සුදානම් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළ ද , තමන්ගේ ඉල්ලීම් ඉටුවන තුරු සාකච්ඡා නොකරන බව විරෝධතාකරුවෝ ප්‍රකාශ කරති.
ඔවුන් විසින් අන්තර්ජාලයට යොමු කරන ලද ලිපියක් මගින් ප්‍රධාන ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කොට තිබේ.
එනම් ගොටාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත්වීම සහ සියලු රාජපක්ෂවරුන් තනතුරුවලින් සහ පාර්ලිමේන්තුවෙන් ඉවත් විය යුතු බවයි.
ඔවුන් විසින් නිකුත් කරනු ලැබ ඇති ලිපිය පහත පළ වෙයි.

Photo – Daily Mirror
